
(අංජුල මහික වීරරත්න)
පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය.
පටක රෝපණයෙන් පොල්පැල සැකසීම සිදුවී ඇත්තේ ලෝකයේ පළමු වරට බවද රණසිංහ මහත්මිය කීවාය.
මෙම නව නිපදවීම දැක බලා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට ගියේය.
පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මගින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමයෙන් පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබිණි.
ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයෝ මෙම පර්යේෂණය සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක බොහොම හොඳ වැඩක්, මව්ගසේ ගුණාංග 100%ක් ලැබෙන ගසක් සිටුවීම, දැන් වෙලා තියෙන්නෙ වසර පහක් හයක් දැඩි කරල අංග විකල දරුවෙක් හදපු එක වගේ වැඩක්, ගස් විතරයි ගෙඩි නැහැ, නැත්නම් ගෙඩි දෙක තුනයි.
ඡයාරුප පලකරන්න පුලුවනම් තවත් වටිනව.
ඔය මොනා කෘත්‍රිම ව කළත් රටට ආවේනික.අපේ පොල් ගහ වගේ පරම්පරා ගණනාවක් පළදාව දෙන්න බෑ. බොහෙත් පොහොර ගහලා ඉක්මනින් පළදාව ගන්න පුලුවන් ඇති නමුත් ඉක්මනින් ම මැරිලා යයි.
ඔය තාක්ෂණයේ තායිලන්තයේ විශාල ප්‍රමාණයෙන් කරනවා... ලෝකයටම පොල්වතුර පැකට් කිරි දෙන්නේ ඒ අයයි. අමරවීර කොන්දොස්තර මහත්තයාට ඕවා පුදුම වැඩ...