
(ඉන්දිකා රාමනායක)
නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින් අද (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාරිය රෝගී තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවස දී ඊයේ (8) රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයාගෙන ඇත.
පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස් සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීසි කරන්නට දරුවන් තනන ලෝකය කා වනසන් පුතුනේ... මේවා හෙණ ගහන අපරාධ...
ලංකාවේ බුද්ධාගම ෆේල් වෙලා තියෙන්න හේතුව ඒ ආගමෙන් ලංකාවේ මේ වගේ මිනිස්සුන්ව හදන්න බැහැ. වෙන කෙනෙක් ආනයනය කරමුද ඉන්දියාවෙන්...?
අපරාධයක්... ළමයා එපානම් හදාගන්න කෙනෙකුට දෙන්න තිබුණා.., ළමුන් නොමැති මිනිස්සු ලංකාවේ කොපමණ ඉන්නවද? මේක මිනීමැරුමක්... මොවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම දෙන්න ඕනෙ අනෙක් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.
දෙවියෙක් ලෝකය මවනවා ලමයි මවනවා කියන ක්‍රිස්තියානි ආගම මුලු ලෝකෙම ෆේල් වෙලා දැන්. කව්රුත් හදන්න බෑ ඒ ආගමෙන්. අලුත් විකාර ටිකක් දාලා අලුත් එකක් හදමුද?
මේකට ආගම් පටලවාගන්න එපා. මේ පුද්ගලයින් කුමන ආගමට අයත්ද කියලා සඳහනක් නෑහැ.