IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලුත උපන් නිවුන්නු අවසන් ගමන් යති

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කළේය.

මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බව පොලිසිය කියයි .

පිළියන්දල , හොන්නන්තර , සර්වෝදය මාවත ,  පදිංචි අකිලා බොනිපස් හා  හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සදහා එම කාන්තාව ඉකුත් 08 දා කළුබොවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී පුතකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ලදරැ ඒකකයට ඇතුලත් කොට සිටියදී ඉකුත් 19 දා පිරිමි දරුවා මියගොස් තිබුණි .

එහිදී දරැවා මියගොස් ඇත්තේ විෂබිජයක් ඇතුල් වීම නිසා බවට වෛද්‍යවරුන් පළමුව පවසා තිබුණත් පසුව පැවසූවේ ශ්වසන අපහසුතාවක් නිසා දරුවා මියගිය බවට වෛද්‍යවරුන් පැවසූ බව පැමිණිල්ලේ සදහන් වේ.

මේ අතර ඉතිරි ගැහැණු දරුවා ද නොමේරු ලදරැ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බවත් (23) දා උදෑසන කිරි දීම සදහා නොමේරු ළදරු ඒකකයට ගිය අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය  දරුවා මියගිය බව දන්වා තිබේ.

 



අදහස් (1)

අලුත උපන් නිවුන්නු අවසන් ගමන් යති

Lalla Monday, 25 September 2023 07:31 AM

නොමේරූ දරුවන්ට ඕනෑම සුලු අසනීප තත්ත්වයක් මාරාන්තික විය හැකියි නේද?. මේ සිද්ධිවලට දෙන ප්‍රචාරය වැඩි නැතිද? හරියට රෝහල් කාර්ය මණ්ඩලය මිනීමරනවා වගේ කතා ගෙතීමක්... අසාධාරණය දෙපැත්තටම තියනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site