
(දමිත් වික්‍රමසේකර)
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.
ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය.
මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස මන්ත්‍රීවරුන් 159 දෙනාටම නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන බවද එම නිලධාරියා පැවැසුවේය.
මෙම වන විට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344 ක් හඳුනාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. එම වාහන ඇත V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බවත් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් ලැබෙන මුදල් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන මිලදී ගැනීමට භාවිත කරනු ඇති බවත් ඔහු පැවැසුවේය.
මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ නම් ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිවෙකුට ලබා නොදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. වෙන්දේසියෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූහොත් ජනාධිපති කාර්යාලය සතු වාහන කීපයක් නිදහස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද එම නිලධාරියා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳක් වෙනවා නම් කමක් නෑ. ඔහොම යමු.
සියලුම ඇමැති, මන්ත්‍රිලා සතියකට වරක්වත් ලංගමේ යා යුතුයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ වාහන සියල්ල සැපපහසු අලුත් වාහන. ඉතින් මාලිමා / jvp හවුල් ආණ්ඩුව මහජන මුදල් ඉතිරි කිරීමට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් අඩුමිලට පහසුව අඩු වාහන මිලදී ගැනීම වෙනුවට පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ සියලු පහසුකම් සහිත වාහන ලබාගැනීමට කටයුතු කිරීමත් දේශපාලන උපක්‍රමයකි. එනම් 1. අඩුමුදලට පහසුව අඩු වාහන මිලදී ගැනීම වෙනුවට පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ සියලු පහසුකම් සහිත වාහන ලබාගැනීමට 2. අලුත් වාහන වෙනුවට පරණ වාහන හෝ පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ වාහන අප (මාලිමා / jvp හවුල් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්) භාවිතා කර රටට විශාල මුදක් ඉතිරි කළබව මතයක් සමාජ ගත කිරීම...
ස්කූටරයක් හෝ ත්‍රීවීලරයක් හොඳටම සෑහේ...
අගය කළ යුතුයි.හොද දේ හොදම තමයි.
වාහන ගැන හැර වෙන ප්‍රශ්නයක් අපේ රටට ඇත්තෙම නැතිද? එහෙම නම් විවෘත ආර්ථිකය සංවෘත කරලා අලුතින් පටන් ගන්න. වාහන ඕනෙ නැහැ. පාස්පෝට් ඕනෙ නැහැ. අල, බතල ටිකක් වවාගෙන කාලා කොත්තමල්ලි ටිකක් බීලා, පැලක් අටවාගෙන ඉන්න පුළුවන්...
ඔය තීරු බදු සහනය රජයේ නිලධාරීන්ට දීමත් නැවතිය යුතුයි. ඒ තුලින් අක්‍රමිකතා රැසක් සිදුවනවා. තීරු බදු සහනය විකුනනවා. එයම අක්‍රමිකතාවයක්. ඒ නිසා තීරු බදු සහනයක් දීම සඳහා යම් කාණ්ඩයක් සුදුසුයි කියල තීරණය කරන්නේ නම්, ඔවුනට ඒ වෙනුවට එම සහනය ආවරණය වන විධියට මුදලින්ම කිරීමයි සුදුසු. එවිට තීරු බදු සහනය තුලින් මුදලාලිලා ට ජාවාරමක් මතුවන්නේත් නැහැ. අක්‍රමිකතාවයක් ද නැහැ.
අලුත් කාර් මොකටද ලීටරේට කිලෝමීටර් 4 ක් 5 ක් විතරක් වැඩ කරන පරණ බි.එම්.ඩබ්ලිවු. රථ නම් පාවිච්චි කරනකොට? මේවා තනිකර රැවටිලි කතා.
අපිත් දන්නවා, අපේ ගෙවල් ගාව ඉන්න හිටපු කැබිනට් ඇමතිට ෆෙරාරී කාර් එකකුත් තියෙනවා. හැබැයි දැනට අවුරුදු 30කට කලින් දේශපාලනයට එන්න කලින් කරේ හොරපොල් කඩන එක, කොච්චියේ මාල කඩන එක, කාලයක් වඩෙත් වික්කා. වාහන පර්මිට් මොකටද?
ඉතාමත් හොදයි
අලුත් ඇමතිලට එක විදියකටයි මන්ත්‍රීවරුන්ට තව විදියකටයි මොකටද? කාටත් ඩබල් කැබ් දීලා පරණ නඩත්තු වියදම වැඩි, සැප වාහන සියල්ල විකුණල දාන්න පුළුවන්නේ. ප්‍රශ්නෙ සමහර ඇමතිලා v8ම ඉල්ලන එකයි, එහෙම නේද?
මේ පුවත අනුව කියන දේ නොතේරෙන, තමන් හිතන දේ මෙතැන කියන සහ තමන් මෙතෙක් පත්කළ උන්දැලා කරපු විදියට මේ රජයත් කරයි කියලා හිතලා වැඩේ එහෙම නොවුණාම දුකට රචනා ලියන අය කීපදෙනෙක් ඉන්නවා. අනෙක හොඳ දේටත් එරෙහිව කමන්ට් කරන කුලී බලකාය තවමත් වැඩ වග පේනවා.
යෝගා, ඇමැති සහ මන්ත්‍රී අතර හැම රටේම වෙනසක් තියෙනවා. කවුරුවත් වී අට වාහන ඉල්ලන්නෙත් දෙන්නෙත් නැති බව මේ පුවත කියනවා.. එතකොට ඔබ කියන එක ඔබ හිතන එකම නම් කණගාටුයි. සොරි, ඒක වෙන්නේ නැහැ. මේ සජිත්ගේ හෝ රනිල්ගේ රජය නොවේ.
මට නම් දුකයි... තාමත් හොරුන් පෙනි පෙනී හොරකම් කරන හැටි දැනගෙන කඩේ යන අය දැක්කාම. ඩිස්ලයික් දාන්නේ ප්‍රයිවට් ටැබ් ඕපන් කරලා. පව් අපරාදේ කාලය...!
ලංකාවේ ආණ්ඩුවේ අයයි ජනතාවයි තාම පරණ 225 අල්ලාගෙන ඒක බයිට් එකට අරගෙන ජොලියක් ගන්නවා.ඒක අවුලක් නෑ.ඒත් කවුරුවත් ආරක්ෂක අංශයට දීලා තියෙන සැප පහසුකම් ගැන කතා කරන්නෙ නෑ.ඒකත් මේ රටේ අංශයක්.225 ට වඩා සිය ගුණයක වාහන සහ දීමනා ඔවුන්ට දීල තියෙනවා. ඔය 225 ට තඩි බෑවා කියල ඇත්තටම ලංකාවේ දියුණුවක් වෙන්නේ නෑ.ඊට වඩා සිය දහස් ගුණයක මුදලක් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයන් නිලධාරීන් නීති අණපනත් වලින් භුක්ති විඳිනවා.ජනාධිපති එක වාහනේක යනවානම් හමුදාවේ ලොක්කන්ට එහෙම යන්න බැරි ඇයි.
ඒ අය කිව්වේ කිසිදෙයක් එපා කියලනේ ඒ නිසා පරන වාහනයක්ව්ත් ඕනේ නැත