IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලූත් ආයෝජන පනතක් එයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023.1.16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාල ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයන්ගෙන් සමන්විත අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇතැයි රජය පවසයි.

එකී කමිටුව විසින් අදාල කරුණු අධ්‍යයනය කර නව ආයතනික ව්‍යුහයක් පිහිටුවීම සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇති අතර එකී යෝජනා මත පදනම නව ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආයතනික සැලැස්මක් හඳුන්වා දීමටත් ඒ යටතේ ශ්‍රී ලංකා ආර්ථික  කොමිෂන් සභාව සහ ඒ ආශ්‍රිත ඒකක ආයතනිකව පිහිටුවීම ආරම්භ කිරීමටත් අදාල පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

 



අදහස් (1)

අලූත් ආයෝජන පනතක් එයි

Nimal Wednesday, 08 November 2023 02:29 PM

කොහොමටත් අපිට වාසියක් වෙන්නෙ නෑ.. ලොකු සල්ලි කාරයින්ට බදු වලින් නිදහස් කරල සහන.. අනිත් පැත්තට, අපිට තියෙන බදු වැඩි කරයි.. අපිට වෙන්නෙ සල්ලිකරයින්ට දුන්නු බදු සහන වෙනුවට අපේ සල්ලි වලින් බදු ගෙව ගෙව ඉන්න එක..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site