(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කොට රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැංවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (11) පැවසීය.
රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් කොළඹදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීවේය.
මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් අරගලේ දවසේ බොරුලෙඩ අරගෙන ඉස්පිරිතාලේ නැවතුණා...
ආවට කමක් නෑ... යන දවස කියලා එන්න. කෙටි කාලීන ආණ්ඩුවක් වෙන්න ඕනෑ. ඡන්දෙ තියලා හරි ජනවරමක් ගන්න ඕනෑ. නැතිනම් ඔයිට වඩා අන්ත විදිහට එළවන්නේ...
ජනාධිපති ධුරය සඳහා මහාචාර්ය ජී.එල්.පීරිස්... සුනිල් හඳුන්නෙත්ති අගමැති සඳහා වඩාත් සුදුසුයි..!
මේ දැකපු, අහපු දේවල් වලින් ඔබතුමාත් හුඟක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.
පෝලිම් පෙරමුණේ අවසානයේ දුක් විඳින්නේ රට වැසියන්ගේ ජයග්‍රහණයක්...
මෙයාලාට රට දෙන්න නෙමෙයි අරගල කළේ... මෙයා යන්නේ කොහේද මල්ලේ පොල්... සර්ව පාක්ෂික රජයක් ඕනේ මාස 06 කට.
ගරු ගෝඨාභය ජනාධිපතිතුමා, කොතරම් කිව්වද සියලුම දෙනාට සහයෝගය දෙන්න කියලා. කෝ දුන්නද? දැන් බයිලා කියවනවා. සහයෝගය නොදෙන අය දේශද්‍රෝහීලු.. තමනුත් දේශද්‍රෝහියෝ තමයි බලලෝභියෝ...
මාස 03ක් තිස්සේ තරුණයෝ අරගලයක යෙදුණේ ඔයාව ගේන්න නොවේ...
පුතාණෝ අපිට ආතල් දෙනවා. පව් අනේ...!
මේ ගමන්ම ඔයත් ආවා නම් එක ගොඩේම පන්නලා දාන්න ලේසියි...
දේශය ගලවා ගැනීමේ මුරදේවතාව. ඔබත් එන්න. ජාතිය ගලවා ගන්න ඉස්සෙල්ලා ඉස්පිරිතාලෙට එහෙම ගිහිල්ලනේ ආවේ නේද? ගන්න ඇවිත්. ඕකමනේ කියෙව්වේ. දැන් බාරගන්න.
පාර්ලිමේන්තුවට පිටතින් ජනාධිපති, අගමැති පත්විය යුතුයි. එච්චරයි.
අලුත් ආණ්ඩුවක් හදන්න සූදානම්ලු... ඒ දුන්නොත්නේ. ලැබෙන්වා යයි සිතමු. ලැබුණොත් මන්ත්‍රී වැටුප්, පැන්ෂන්, දීමනා, නිවාස, වාහන දීම නවත්වනවාද?
කවුරු කවුරුත් හදන්නේ මේ වෙලාවේ බලයට එන්න. සමහරු තියෙන බලය රැකගන්න උත්සාහ කරනවා. දූෂිතයෙක් නොවන හැමෝගේම විශ්වාසය දිනාගත් කෙනෙක් පත්වෙනවා නම් හොඳයි..