IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහය පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

අපරාධ නඩු විධාන සංග්‍රහයේ  සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතු වල ප්‍රමාදය අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අඩුකර ගැනීම මෙන්ම බන්ධනාගාර තදබදය අඩු කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළට වරදක් පිළිබඳ එකඟතාවයට පත්වීම සඳහා වූ ක්‍රමවේදය හඳුන්වා දීමට හැකිවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා 2023-3-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

යෝජිත සංශෝධනය අනුව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට වරද පිළිගැනීමේ එකඟතාවයක් විත්තිය හා පැමිණිල්ල අතර ඇති ඇති කර ගනු ලබන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස දඩුවම් දඩ මුදල් හෝ වන්දි මුදල් අවම කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය කියයි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

අදාල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (0)

අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහය පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site