IMG-LOGO

අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ

(ශාන්ත රත්නායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත්  කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.

එහිදී ඩීල් දේශපාලනයට එරෙහිව විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ  විරෝධතාවේ නිරතවූහ.



අදහස් (11)

අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ

Viraj Thursday, 12 May 2022 08:48 PM

මෙහෙම ගියොත් මේ රට හදන්නේ නැහැ... මෝඩ මිනිස්සු. සජිත් ආවානම් ආසාවෙන් එන්න ඇති...

:       0       0

Saman Thursday, 12 May 2022 09:10 PM

කතාව ඇත්ත... නමුත් රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩඑන්න අගමැති කෙනෙක් ප්‍රමුඛ රජයක් ඕනේ. අනික අපිත් පූර්ණ සහයෝගය අරගල කරන අපේ කොල්ලන්ට... නමුත් අනික් පැත්තෙන් රටේ කළින් තිබ්බ තත්වයට වඩා වෙනස අපේ කොල්ලන් එක්ක සෙල්ලම් බෑ... නමුත් ටිකක් බලන් ඉමු...

:       0       0

Bernard Thursday, 12 May 2022 09:12 PM

මහ බැංකුව මහදවල් හොරකම් කරා කියලා රාජපක්ෂලා කිව්වේ. දැන් රට බංකොලොත්. ආයේ ඩීල් එක රනිල්ට... මෙවැනි නරුමයින් ඉන්න රටක්. රටේ අවලංගු වුණු කාසියක්, කිසිම ඡන්ද පදනමක් නැති, මැතිවරණයෙන් අන්ත පරාද වුණු, මහා බැංකු හොරකමේ මහ මොළකරු තවත් ඩීල් දේශපාලනයෙන් නැවත රජ පුටුවට... අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...!

:       1       1

chandima Thursday, 12 May 2022 09:41 PM

දැන් කෑගහලා වැඩක් නැහැ... තවමත් නුඹලාට නායකයෙක් නැහැ. ඕනතරම් කල් තිබුණු පාර්ලිමේන්තුවෙන් පිටත වෙනමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා, නියෝජිතයින් නම් කරලා වෙනත් රටකින් උදව් ගන්න. දැන් හැමදාමත් මහපාරෙ තමයි.

:       0       0

Dammika Bandara Thursday, 12 May 2022 09:42 PM

ඔක්කෝටම කලින් නීතියට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද? වැඩිහිටියෙකුට සලකන්න දන්නේ නැති සමාජයක්... රට හදන්න හදනවා.

:       0       2

Ruwan R Thursday, 12 May 2022 09:50 PM

පොහොට්ටුවේ නව අගමැති....

:       1       0

Ruwan R Thursday, 12 May 2022 10:21 PM

පුරවැසියා නම් සතුරාට එරෙහිව දිවයින පුරා ඇඳිරි නීතිය පනවා, යුද ටැංකි, බර අවි සහිත සන්නද්ධ හමුදා ආරක්ෂාව මැද, ජනමතය පස්සට තබා හිඳගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තම ජනාධිපති, අභිනව අගමැතිවරයෙක් පත්කරගත් වගයි. ප්‍රීතියි.., කිරිබත් කමුද? 

:       1       1

කිරි පුතා Friday, 13 May 2022 03:39 AM

සියලු දෙනා රටේ අවස්ථාව තේරුම් ගත යුතුයි. IMF සහ ලෝක බැංකු සහය ගන්න බෑ ආණ්ඩුවත් නැති වුණාම... ගාලුමුවදොර ඉන්න අය රැකියාවක් එහෙම නොකරන අය වෙන්න ඇතිනේ... රාත්තලම ඉල්ලන අන්තවාදීත්වයෙන් මිදී රට පොඩ්ඩක් කෙලින් කරගෙන මැතිවරණයකදී තමන් කැමති අය පත් කරගන්න පුළුවන්නේ...

:       0       1

ලොක්කා Friday, 13 May 2022 09:15 AM

රටේ අගමැති පත්වෙන්නේ ව්‍යවස්ථාවෙන් මිස, නිර්පාක්ෂික යැයි කියාගන්නා ජෙප්පන්ට හෝ පෙරෙට්ටන්ට අවශ්‍ය පරිදි නොවන බව අනුර කුමාරගෙන් අසා දැනගන්න..

:       5       20

Lelwala Friday, 13 May 2022 12:03 PM

රටේ ගිනි තැබිමි, මිනි මැරීම්, මංකොල්ල කැම්, රාජ්‍ය දේපල විනාශ කිරිම් 1971, 1983 සිදුවුණා. මේකත් ඒ වගේම තවත් සිද්ධියක්...!

:       2       1

nihal Friday, 13 May 2022 12:46 PM

මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කොට තරුණයන්ට, වෘත්තිකයින්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව විවර වියයුතුයි...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 520 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 948 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site