(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව චීන ණය උගුලක හසුවී ඇතැයි බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය චීනය අනුමත කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා ඊයේ(28) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව චීනයෙන් මූල්‍ය සහාය ඉල්ලා සිටි විට චීනය එම ඉල්ලීමට ගරු කර ශ්‍රී ලංකාවට සහාය ලබා දුන් බවත් කෙදිනකවත් චීනය ශ්‍රී ලංකාවට මුදල් ලබා ගැනීමට බල නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.
එසේම චීනය ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය, ණය පහසුකම් සහ මානුෂීය සහාය ලබා දුන් බවත් චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසුකළා යනු බටහිර වැකියක් බවත් ඔහු සඳහන් කළේය.
චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිටුපස කිසිඳු දේශපාලන අරමුණක් නොතිබූ බව ෂාඕ ලීජියැන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.එසේම චීනය ශ්‍රී ලංකාවේ සිදුකළ ආයෝජන සහ ලබා දුන් මූල්‍ය සහාය ආත්මාර්ථකාමී දේශපාලන වාසි අරමුණින් සිදුකරන ලද්දක් නොවන බව නැවත වරක් අවධාරණය කරන බව ලීජියැන් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ චීනයට වැටහීමක් තිබෙන බවත් ඒවා නිසියාකාරව විසඳා ගැනීම සඳහා අදාළ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමට චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවත් ලීජියැන් මහතා පැවසුවේය.චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික වර්ධනයන් වෙනුවෙන් උපරිම ධාරිතාවයෙන් සහාය ලබා දුන් බව ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
ණය ගැනීම ප්‍රශ්නයක් නැහැ..එ ගත්ත සල්ලි වලින් කරෙ ඉතින් පාටි දාපු එකයි...තෙරුමක් නැති බිල්ඩින් හදපු එකයි, වාහන සහ උන්ට ඔනෙ දේවල් කරපු එකයි, .....ගසකාපු එකයි විතරයි...එකට ඉතින් චීනෙ පලි නැහැ තමයි.
අනිවාර්යයෙන්ම අපි චීන ණය උගුලකට අහුවෙලා.එහෙම නැතිනම් අපේ ණය ටික ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කරගන්න චීනය සහය් නොදෙන්නේ කුමක් නිසාද?
අපි අපේ අලි සබ්රි මහත්තයා ගැන හුඟාක් සතුටු වෙනවා.කවදාහරි මේ අය තමයි අපේ අනාගතය