
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවැසීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මේ බව කීය.
නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී රේගු අත්අඩංගුවට පත්ව ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මෙසේද පැවසීය. ජනක රත්නායක මට විරුද්ධව මුකුත් කරලා නෑ.
ඒක මං කරපු වරදක් නෙමෙයි.මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ.හැබැයි මාධ්‍යයෙන් ගියේ මාව.මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා.කවුරුත් බලන්නං කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා.වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ.එ් නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.
මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ.මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම.කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා.ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මම.
මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද?මෙි වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ .ඒකයි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ යනුවෙන් අලි සබ්රි රහීම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹ බබා
රජයට ආචාරය.. නීතිය හා සාමය ආරක්ෂා කිරීම ගැන
" මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ.මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම." අනේ අහිංසක තොත්ත බබා. ............මම කිසි දෙයක් දන්නේ නෑ, සූප්පුව උර උරා පැත්තකට වෙලා හිටියා. අම්මා තාත්තා මාව බේරා ගත්තේ නෑ............. පව් දෙයියනේ!!!
මෙයාගේ පවුලත් ගෝලයෙක්ගේ වෙන්න ඇති.....අනික ගෝලයාට කෝටි ගණනක මුදල් තියෙන්න හාම්පුතාට කොතරම් ධනයක් ඇතිද? කෝ දේශීය ආදායම් නිලධාරීන්. ප්‍රශ්න කර බදු අයකර ගන්න බැරිද?
මේක මහා පුදුම කතාවක් නේ, හැම හොරෙක්ම කියන කතාවක්නේ ඕක. තමන්ගෙ බෑග් එකේ තියෙන බඩු ගැන තමන් වගකීම බාරගත යුතුයි.
හොරැන්ට කඩෙි නොගිය ආන්ඩුවට ජයපතමි
ඩේසි ආච්චිට මැණික් මල්ල ලැබුන වගේම කථාවක්.. හ් උ ප් ත් ඕ ඕ
පව්! . බබා?
මම බබා
දඩය ගෝලයටම ගෙවන්න කියන්න තිබුන නේ. ඕනෑම ගුවන් තොටුපොළක අහනවා බෑගය පැක් කලේ තමන්ද කියල. මොකද කිව්වේ නැත්තේ ගෝලයා තමයි එක කලේ කියල.
රනිල් ඇතුලු ආන්ඩුව ගැන පුදුම කැමැත්තක් ඇති උනේ. හොර කමෙ ගිහින් බඩුත් එක්ක මාට්ටු උනාම තව බේර ගන්නත්. මතකනේ සිංදු කියන මයිනෙක් බඩුත් එක්ක කුඩු අහු උනාම ගිහින්ම බේරගත්තා. ඒ කාළකන්නි යුගය අවසන් වෙලා.
ඕවා උඹට හොඳ පාඩම
අනේ පව් මෙයා දන්නෙම නෑ තොත්ත බබා
වැරදි වැඩ කරලා ආණ්ඩුවෙන් උදව් බලාපොරොත්තු වෙන මුන්ට කියන්නේ මොකක්ද? මෙච්චර දවස් ඕකුන් කරලා තියෙන්නේ ඔහොම ඩීල් දාපු එකද?
මිනීමරුවන්,කප්පම්කරුවන්, මාල කඩන්නන්, හොර නීතිඥයින්, කුඩුකාරයන් ගොඩට හොරබඩු ජාවාරම්කරුවෙකුත් එකතු වුනා.... කදිම සංයෝගයක්.....මේ අපේ පාර්ලිමේන්තුව..නීති සම්පාදකයන්.....
උඹලා ආණ්ඩුව එක්ක ගහන ගැටවලට අපි අහුවෙන්නෙ නෑ බන්. මහ බැංකුව කඩපු හොරාව බේරපු රනිල්. ගාමන්ට් එකට ගහපු එකාව බේරපු රනිල් උඹ්ව බේරන්නෙ නතිව ඉන්නෙ නෑ පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවනම්.
බේරා ගන්න නෙමෙයි මේ කාලකන්නියාව හිරේ යවන්න තිබුනේ .දැන් එක එක බොරු හේතු ඉදිරිපත් කරනවා,225 ම එක වගේ
සහතික ඇත්ත.මූ ඕවා දන්නේ නෑ .අහිංසකයෙක් .පවු
අපි බලමු ඔබතුමාව සජබෙන් හෝ ජේවිපී එකෙන් භාර ගනියිද කියලා, ඔබ වැනි හොරුන්ව ලංකරගත්තොත් ඔවුනුත් දේශපාලන කුණුබක්කියට තමයි
පොර බබා .තන කිරි පොරට දෙමු
ලොක්කා හොරෙකුට දඩුවම් කිරීම සෑම රජයකම වගකීමයි. පහුගිය කාලෙ ඒව හරියට ක්‍රියාත්මක නොවුණ එකේ ප්‍රතිපල තමයි අද ලංකාව වැටිල තියන තත්වෙට හේතු. පහුගිය කාල ඔබගේ අය විතරක් නෙමෙයි රටේම ලොක්කො මහා පරිමාණයෙන් රට හොරාකෑව, උන්ට ඕනි දේවල් ඔය වගේ රටට ගෙනාව සහ රටෙන් පිටකලා. උන් තවමත් සැපෙන් සතුටෙන් ඉන්නව හැබැයි උන්ට මේ ආත්මෙ නැතිනම් ලබන ආත්මෙදි හරි ඒ වට වන්දි ගෙවන්ඩ වෙනවාමයි. ඉතින් හලෝ තමුසෙ කරල තියෙන්නෙ නීති විරෝධී මහා වැරූද්දක්, රටේ මිනිස්සු මෙච්චර දුක් විදිද්දී තමුසෙ හොරට වටිනා භාණ්ඩ නීතිවිරෝධීව ගෙනල්ල වශාල මුදලකට අහිංසක මිනිස්සුන්ට විකුණන්ඩ හදන එක හරිද. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන්ගෙන් ප්‍රශ්ණ කරනව එතකොට හොද උත්තරයක් ලැබෙයි. ඒක තමයි ඔය හම්බවෙලා තියෙන්නෙ. නීතිවරෝධී වැඩකරල එක එක්කෙනාට බනින්ඩ එපා ඕයි. දැන් තමුන්ට හොද අවස්ථාවක් ඇවිල්ල තියනව , ඒ තමයි තව ඔය වගේ හොර වැඩ කරන එවුන් ගැන අදාල ආයතන වලට දන්නල අල්ලල දෙනව.ඒක ඔබ රටට කරන උසස් සේවයක්.
පව්... අක්කුං බබා.. එයාගෙ බෑග් එකට එයා දන්නෙත් නැතුව පටවල...
පව් අනේ මේ බබාගේ බෑග් එකට හොර බඩු දාපු එකාට හොදක් වෙන්න එපා
මේ හාදයා අර රත්තරන් වැඩේට මාට්ටු වුණාට පස්සෙ සෘජුවම බේරගන්න ආණ්ඩුව මැදිහත් වුණේ නෑ කියලනේ මේ සේරම විගඩම්. මොවුන් වැන්නවුන් පාර්ලිමේන්තු යවන අයයි තකතීරුවන්.
ආණ්ඩුව ගැන කලකිරිලා තියෙන්නේ රටේ ජනතාව වැටිලා ඉන්න තත්වය ගැන හිතලා නෙමෙයි .මූව බේරාගත්තේ නැහැ කියලා
ඔබේ ගමේ මෝඩයන්ට ඔබේ කතාව කියනවානම් හොඳයි , ඔබ වාසනාවන්තයි සිරගත නොවී සිටීමට , රජයට ස්තූතියි. නමුත් හොඳම දේ සෞදි අරාබිය වගේ විය යුතුයි, ඔබ එල්ලා මරා දැමිය යුතුයි. ඔබේ ඇඳුමට අගෞරව නොකරන්න
අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියල හිතුවද? ඔය වගේ කතා අපට හොඳට පුරුදුයි. මෙයා මේව කාලයක් තිස්සේ කරගෙන ආපු ජාවාරමක් කියල සාධාරණ සැකයක් තියෙනව. අර විල්පත්තුව කපපු මිනිහගෙ කපාපු පලුව. එකම ජාතියේ බඩු. කම්බ හොරු. ඒ විතරක් නෙවෙයි. මේ වගේ අනෙක් පාර්ලිමේන්තු අයත් මෙහෙමම කරනව කියල හිතෙනව. අහුවුනේ මෙයා විතරයි.
හා.අපිට තේරුනා .ඔයා බබා
ඔබට බිස්නස් කරන්න ඕනෑනම් නීතිමය වශයෙන් කරන්න. නැතිව මෙහෙම බොරු කියන්න එපා. හරිනම් ඔය පෝස්ට් එකත් අහෝසි කරන්න ඕනෑ.
කළේ තුප්පහි වැඩ... ඒ මදිවට ආණ්ඩුවත් උදව් කරන්න ඕනේද?
කවුරුත් පවතින ආණ්ඩුවේ එල්ලීගෙන ඉන්නේ තමුන්ට හොර ජාවාරම් කරගන්න මිසක්, රටට හිතැති කෙනෙක් මේ වනතුරු ඉඳලා නැහැ. කිසිදිනක එවන් අවංකයින් පහළ වෙන්නෙත් නැහැ. බොරුවක් නම් රටට ආදරයෙන් උන්න හෝ ඉන්න කෙනෙක්ගේ නමක් තියෙනවාද?
කරන්න තියෙන ඔක්කොම වැඩ කරලා බබ්බු වෙනවා.
පුත්තලම ජනතාවගෙන් හොඳම තේරීමක්. ඊළඟ පාරත් මෙයාව පාර්ලිමේන්තුවට යවනවාද? මටත් මෙයා ගිය පාසලට යන්න හිතනවා...
අනුර, ඩැනියෙල් තියරිය දැම්මා නම් හරි... මෙයාව අයින් කරලා බිරිඳ එක්ක හරි දැම්මා නම් ගොඩ... බත්ගොට්ටෝ උඩ පැන පැන විසිල් ගහයි...
මේ වගේ හොරු පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනෑ. ජනක එළෙව්වා වගේ අපේ විපක්ෂය ඇතුළු නඩය මොකද දන්නේ නැහැ නිහඬ..?
මන්ත්‍රී වරප්‍රසාදවලට මූණවල් හොරකම් කරන එක තමයි.. මොවුන් ජීවිත කාලෙම කරන්නේ... රටට, මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැහැ.
කොහොමද මූ තාමත් මන්ත්‍රීකමේ ඉන්නෙ? ආ, මට අමතක උනා වැඩිම අපරාදකාරයො ප්‍රමානයක් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ කියලා.....