(රෝෂන් තුෂාර)
රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලි සබ්රි මහතා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ත්‍රසයට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(07) නිකුත් කළේය.
පක්ෂයෙන් නෙරපීපමින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම තහනමට ලක් කළද පැමිණිලිකරුට එරෙහිව පක්ෂය මගින් නීත්‍යානුකූලව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට මෙම තහනම බාධාවක් නොවන බවද අදාළ නියෝගය නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
අලි සබ්රි මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිසාඩ් බදුර්දීන්,එම කොංග්‍රසයේ ලේකම් සුබෙයිර්ඩීන් සහ එක්සත් ජාතික සන්ධානයේ මහ ලේකම් එම්.නයිනමුල්ලා මහත්වරුන්ට මෙම අතුරු තහනම නිකුත් කළේය.
රේගු අන පනත් උල්ලංඝනය කරමින්,මන්ත්‍රීවරයෙකුට නොගැළපෙන හැසිරීම් රටාවක නිරත වීම තුළින් පක්ෂ විනය බරපතල උල්ලංඝනය කිරීමට ලක්කර ඇතැයි සඳහන් කරමින් 2023 නොවැම්බර් මස පස් වැනි දින නිකුත් කළ නෙරපීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ මෙම අතුරු තහනම නඩුවේ අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වේ.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා සමග නීතිඥ පුලස්ති රූපසිංහ මහතාපෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් සමඟ ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි සබ්‍රි පක්ෂයෙන් නෙරපීම අධිකරණයෙන් වළකයි
de silva Friday, 08 March 2024 02:23 PM
මේ වගේ අලි හොරෙක් වත් පක්ෂයකින් නෙරපන්න විරුද්ධ වෙන්නේ මොන පදනමකින්ද?