
( නිමල් ජයරත්න)
මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ විදුලි වැට, සූරිය පැනල් කුටි මෙතෙක් විවෘත නොකිරීම නිසා ගම්මාන වලට මෙන්ම ජීවිත වලටද වන අලි තර්ජන එල්ල වී ඇති බව පහළ යක්කුරේ හා අවට ගම්වාසීහු සඳහන් කරති.
මේ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ අසූවකි.
මෙ වන විට ගම්මානය වටා පැවැති විදුලි වැට සහ පැනල් කුටිවල කොටස් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ගලවාගෙන ගොස් තිබේ.
මෙම තත්ත්වය මත තමන්ට ඉපැරණි විදුලි කුටි සඳහා විදුලි බල මණ්ඩලයෙන් මාසිකව රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන බවත්, එම බිල ගම්මානයේ ගොවීන් 267 දෙනෙකු විසින් වසර දෙකක කාලයක සිට ගෙවීමට සිදුවීමහත් අසාධාරණයක් බව පහල යක්කුරේ ගොවි සංවිධානයේ හිටපු සභාපති එච්.එම්. තිලකරන මහතා සඳහන් කළේය.
මෙම විදුලිමට ඉදිකිරීමට කොන්ත්‍රක් ලබාගත් පුද්ගලයා අනුරාධපුරේ පුද්ගලයෙකු බවත්, ඔහු වනජීවී දෙපාර්තමේන්තු මගින් අදාළ කොන්ත්‍රාක් මුදල් ලබාගෙන ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවද ගොවි සංවිධානයට දැනගන්නට ඇති බවද තිලකරත්න මහතා කීවේය.
ගම්මාන හතරක ගොවීන් දෙදහකට ආසන්න සංඛ්‍යාවකට බලපා තිබෙන මෙම වන අලි තර්ජනයෙන් ගොවින් මුදවා ගැනීමට නම් ඉදිකර තිබෙන විදුලි වැට ඉතා කඩිනමින්, එහි අඩුපාඩු සකසා දෙන්නැයි ඔවුහු ඉල්ලති.
වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් හා හුංගමාල ඔය රක්ෂිතයෙ ගම්වදින වන අලින්ගෙන් තම ජීවිත හා දේපළ බේරාදෙන ලෙස මෙම ගම්මාන වල ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව වෙහෙරගල සහ නුවරගල වනජීවී නිලධාරි කාර්යාලවලින් දුරකථනයෙන් කළ විමසීමකදී එම නිලධාරීන් සඳහන් කළේ ගම්මාන වටා ඉදිකර තිබෙන විදුලි වැටවල් ඉතා කඩිනමින් ගොවින්න්ගේ අයිතියට පත්කර ඔවුන් බවබෝග ආරක්‍ෂා කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ගේ වගා පාළුවට කෙන්යානු රටේ මී මැසි ප්‍රහාරක බලකාය හොඳම විකල්පයක්. ගොවි මහතුනි ඔබගේ වගාබිම වටා මී මැසි ප්‍රහාරක බලකායක් අදම ස්ථාපනය කරන්න. ඔබට ජය..!