
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය සඳහා විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා එහි කළ නිරීක්ෂණය නිරීක්ෂණයකදී තහවුරු වූ බව අමාත්‍යාංශය පවසයි.
විදුලි අලි වැට ඉදිකිරීම සඳහා ඇතැම් ගොවි සංවිධාන මෙන්ම ගොවීන් ද විරෝධය පළ කිරීම නිසා විදුලි වැට තැනීම ගැටළුවක්ව පවතින බවත්, ඒ සඳහා ගෙන්වන ලද උපකරණ තවමත් නිසි ප්‍රයෝජනයක් නොගැනීමට එයද හේතුවක් බවත් එහිදී අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියල්ල සිදුවන්නේ දේශපාලකයන්ගේ උවමනාවට සහ උපදෙස්මත බව මෙම කාරණයෙන්ම පැහැදිලිවේ. විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනා තුරු එම ආයතනයේ කිසිදු නිලධාරියකු මේ පිළිබඳව සොයාබැලීමක් නොකළේ මන්ද? සියල්ල දේශපාලකයා පැමිණ උපදෙස් ලබාදෙන තුරු බලාසිටීමට සිදුව තිබෙනුයේ උපකරණ ලැබීමෙන් පසුව සිදුකරනාවූ කිසිදු ක්‍රමවේදයක් වනජීවී නිලධාරීන් සතුව නොමැතිවිම සහ කවුරුන් හෝ පැමිණ මොවුන්ව අවදි කරනතුරු රජයේ නිලධාරීන් නිදාසිටීම සහ ඔවුන්ට වගකීම ලබානොදීම / වගකීම් ලබාදීමෙන් පසු වගකීම අවසන් කර තිබේද කියා සොයාබැලීමක් නොමැතිවීම මෙවැනි සුදු අලි බිහිවීමට ප්‍රධානතම හේතුව වේ. බහුතරයක් රජයේ නිලධාරීන් වගකීම සහ සේවය රටට ලබානොදී වැටුප ලබා ලබාගනී.