
(අංජුල මහික වීරරත්න)
මෙරටට අවශ්‍ය අල, ලූණු , මිරිස් බීජ සියල්ලම මේ වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒවා වගා කරන්නට හෙක්ටයාර පනස් දහසක් හඳුනාගෙන තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා තරුණ ව්‍යවසායකයන් සහ නවීන තාක්ෂණය යොදා ගෙන මේ සියලුම බිම් වගා කිරීමට වැඩසටහන් සකස් කර තිබෙන බවද පැවසීය.
රටේ කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි තවත් ඉඩම් සියයට දහයක් පමණ තිබුණත් ඒවායේ වගා කෙරෙන්නේ නැතැයි ද සිරිමාවෝ සමයේ රටට අවශ්‍ය මිරිස් 100%ක් මෙහිම නිෂ්පාදනය කළත් අද මිරිස් අවශ්‍යතාවයෙන් 100%ක් ආනයනය කරන බවත් ඒ බව කියන්නත් ලැජ්ජා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ, තව මොනවද දන්නෑ හදන්නේ..?
මීට අවුරුදු 2 කට පෙර ඕව ඔලුවට ආවෙම නැද්ද? දැන්ද මතක් වෙන්නෙ ඕව. ගොවියන් විනාශ කරල දැන් රටක් විනාශ කරල ඉවරයි.
“ඒ බව කියන්නත් ලැජ්ජා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.“ මේ වගේ ඇමැතිවරු ගැන අපිට නම් ලැජ්ජා නැහැ නේද?
නටපු නැටුමකුත් නෑ... බෙරේ පළුවකුත් නෑ...