(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලි මිනිස් ගැටුම නිසා 2023 වසරේ පමණක් වන අලි 488ක් සහ මිනිසුන් 188 ක් මිය ගොස් තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
2011 වසරේදී අවසන් වරට වන අලි සංගණනයක් කරන විට වන අලි 5879ක් සිටි බව කී මන්ත්‍රීවරයා වසරකට අලි ගහනය සියයට දෙකක් වැඩිවන බවට උපකල්පනය කළහොත් මේ වන විට අලි 7452ක් සිටිය යුතු බව පැවසීය.
2011 වසරේ සිට 2023 දක්වා කාලයේදී අලි 4038 දෙනෙක් මරා දමා ඇති අතර එම කාලයේ අලි මිනිස් ගැටුම් වලින් මිනිසුන් 1314 ක් මියගොස් තිබෙන්නේ යැයි කීය.
වන අලින්ගෙන් සියයට හැත්තෑවක් ඉන්නේ මිනිස් ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශවල බව කී මන්ත්‍රීවරයා එසේ වී ඇත්තේ මිනිසුන් අලි මංකඩ වල ගම්මාන හැදීම නිසා බව සඳහන් කළේය.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම අලියත් මැරෙනකම් කියව කියව හිටපන්
“අලි-මිනිස් ගැටුම” කියල අළුත් වචනෙකුත් හදාගෙන මොනවද මේ කරන විකාර. අනිවාර්යයෙන්ම අලි ගහණය පාලනය කල යුතුය. ප්‍රමුඛතාවය මිනිසා මිස අලියා නොවේ.
තනි අලියෙක්ගෙන් ලක්වැසියන්ට වන උවදුර අලි රංචුවකින් වන උවදුරටත් වඩා දරුණු වෙලා තියෙන්නේ...!
ඔය ප්‍රශ්නේ තව අවුරුදු දහයකින් විතර ඉබේම විසඳෙනවා .වනයේ අලි වඳ වී ගියාම