(මහේෂ් කීර්තිරත්න)
මාතලේ-රජ්ජම්මන වනජීවී කලාපය තුළ අලි පළවා හැරීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු වන අලියෙකු පහරදීමෙන් අද(15) එම ස්ථානයේදීම මිය ගිය බව මහවෙල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ රත්තොට, කුඹල්ඔලුව පදිංචි 42 හැවිරිදි මෛත්රී මධුශාන් වික්රමසිංහ නම්වූ එක්දරු පියෙකි. මොහු රජ්ජම්මන වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.
නාඋල-ලිහිනියපිටිය ප්රදේශයේ ජන ජීවිතයට බාධා කරමින් සැරිසරන වන අලි කණ්ඩායමක් පලවා හැරීම සඳහා මෙම මෙහෙයුම 14 දින ආරම්භ කර තිබිණි. මාතලේ-උතුරු මාතලේ ප්රදේශයේ වන අලි සිටින ඉසව්වක් සෝදිසි කරන අතරතුරදී එම නිලධාරියා පිටුපස වන අලියා පන්නාගෙනවිත් පහරදී ඇත.
මියගිය අයගේ මළ සිරුර ආසන්නයේ වන අලි රංචුවක් ගැවසීම හේතුවෙන් මහත් පරිශ්රමයක් දරා සිරුර ඉවතට ගත් බව පොලිසිය කියයි.
එම වන ජීවී නිලධාරියා මීට වසර හතරකට පමණ පෙරද වන අලියෙකුගේ පහරකෑමට ලක්ව දිවි ගලවා ගත් අයෙකි.
මියගිය අයගේ මළසිරුර මාතලේ රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූපය - මහේෂ් කීර්තිරත්න)



(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර බද ජීවත්වෙන "පරිසරවේදීන්ට" මේවා සුළු දේවල්. ජනජීවිතයට බාධා ඇතිකරන වල්අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි. මේ නිලධාරීන්ගේ දරු පවුල පරිසරවේදීන් රැකබලා ගන්නවා ඇතැයි සිතමි...
අනේ අපි ඔයාලගේ ජනජීවිතයට බාධා කරන්න ඔයාලගේ ගමට ආවේ නැහැ. ඔයාලා නේද අපිට ජීවත්වෙන්න තියන කැලේ කපාගෙන අපේ තැන්වලට ආවේ. අපිට ඔයාලත් එක්ක ගැටුම් ඇතිකරගන්න කිසිම වුවමනාවක් නැහැ. නමුත් ඔයාලා හිතාගෙන ඉන්නේ මේ පොළවේ ජීවත්වෙන්න ඕනෑ ඔයාලා විතරයි කියලනේ. එ් නිසානේ කැලේ එළිකරගෙන අපේ තැන් වලට එන්නේ. ඉතින් ඔයාලා එහෙම ඇවිත් අපේ ගෙවල් දොරවල් වලින් අපිව එළියට ඇදලා දානකොට අපි කොහේ කියලා යන්නද? ඇත්තටම මරන්න හිතාගෙන ගැහුවා නෙවෙයි. අපේ පස්සෙන් එළවාගෙන ඇවිත් අපිට හිංසා කරන නිසයි ආත්ම ආරක්ෂාවට අපේ ජීවිත බේරගන්න ඕන නිසාවෙනුයි ගැහුවේ. වෙච්චදේට අපිටත් කණගාටුයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඔයාලා අපිට කිසිම ආදරයක් නැත්නම් අපිව ඔයාලට එපානම් අපි යන්නම යන්නම්... කොහොමත් තව වැඩි කාලයක් යන්න කලින් අපි මේ පොළව ඔයාලටම බාරදීලා සදහටම යන්නම යනවා. අනේ එතකම්වත් අපිට පොඩ්ඩක් නිදහසේ අපේ ගෙවල්වලට වෙලා පාඩුවේ ඉන්න දෙන්න.. ඔයාලාට පිං සිද්ද වෙයි.
මියගිය නිලධාරියාට නිවන් සුව ලැබේවා..!!!
අලින්ගේ ප්රශ්නේ දැන් හෙනට උග්ර වෙලා. මේවා කාට කියන්නද? මිත්රයා ඔබට නිවන් සුව ලැබේවා!!!
ඉදිරිපෙළ දක්ෂ නිලදාරියෙක් අහිමිවීම ලොකු පාඩුවක්. මොහු එඩිතර දක්ෂ බිය නැති නිලදාරියෙක්. නමුත් අලියාගේ ශක්තියට අබියෝග කරන්න මිනිස්සුන්ට අමාරුයි. මොහුට නිවන් සුව.