IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලි කොරිඩෝවේ සංගීතයට අධිකරණයෙන් තහංචියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක‍්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත්  වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් හිඟුරක්ගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (17) නියෝග කළේය.

හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17  සිට  20 දක්වා පැවැත්වෙන  ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් යන සංගීත ප‍්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින්  අද (17) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ දී  හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ නියෝග කළේය.පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු  වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.

ඒ සමගම ඉහත කී ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල්  සංගීත ප‍්‍රසංගය එම ප‍්‍රසංගය පවත්නා පරිශ‍්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.

නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය පැමිණිලිකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.

රෙයාර් සංවිධානය, වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (ඩබ්ලිව්.එන්.පී.එස්) හා පරිසර යුක්ති කේන්ද්‍රය (සී.ඊ.ජේ ) මෙම නඩුව ගොනු කිරීමට දායක වී ඇත. 

 



අදහස් (5)

අලි කොරිඩෝවේ සංගීතයට අධිකරණයෙන් තහංචියක්

වල් අලියා Saturday, 18 February 2023 07:00 AM

මුලින්ම දැක්කේ "ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කරච්චල් ෆෙස්ටිවල්" කියලා.... ඇත්තටම මේකට හරි නම ඒක...

:       2       3

චන්දන Saturday, 18 February 2023 07:02 AM

ඉතා හොඳ පාඩමක්.... මෙවැනි අත්තනෝමතික දේවල් වලට ඉඩ නොතැබිය යුතුයි.

:       1       5

Akila Saturday, 18 February 2023 07:34 AM

සංචාරකයෝ ආඝ්‍රාහනය කරගන්න කියලා දැන් අපේ රටේ ඕනෑම තක්කඩි වැඩක් කරන්න අවසර තියෙන්වා... මේකත් අර පාර්ලිමේන්තුවේ ඉන්න මැඩම්ලාගේ අදහසක් වෙන්න ඇති...

:       3       2

Perera Saturday, 18 February 2023 10:51 AM

ලංකාවේ මිනිස්සුන්ට නිවී සැනසිල්ලේ ඉන්න දෙන්නෙත් නැහැ... සත්තුන්ටවත් කැලේට වෙලා ඉන්න දෙන්නේ නැහැ. මේ අයද රට පාලනය කරන්නේ..? මිනිස්සුවත්, සත්තුවත් වෙන්න බැහැ...

:       4       4

නන්දන පනා-මිලානෝ Saturday, 18 February 2023 01:59 PM

කුඩු, පෙති, බෝතල් මුදලාලිලාට නම් හොඳ වෙළඳපොලක් හැදෙයි. සංගීත කාරයන්ට කෙසේ වෙතත්...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site