
(අංජුල මහික වීරරත්න)
පින්නවල අලි අනාථාගාරයෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය භාවිත කර මහා පරිමාණ ජීව වායූ නිෂ්පාදනාගාරයක් ඇරඹීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පින්නවල අලි අනාථාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
පින්නවල අලි අනාථාගාරයෙහි දිනකට ටොන් පහකට ආසන්න අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වන අතර එමගින් මහා පරිමාණ ජීව වායූ නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුල දේශගුණික විපර්යාසයන් අවම කිරීම සදහා අවශ්‍ය “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස්කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින Climate Vulnerable Forum (CVF) ආයතනයේ නියෝජිතයින් පිරිස ද මෙම ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී විය.
දේශගුණික විපර්යාස පිළබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පින්නවල අලි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වීමට නියමිතය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබූ අතර CVF නියෝජිතයින් වන සාරා ජේන් මෙනවිය, මුනියට් ෆාබියා මෙනවිය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ දේවල් වලට ඔරොත්තුදෙන ටැංකි හදන්න තරම්වත් අපේ රට දියුණු නැහැනේ...!