(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලි වැට වෙනුවට අඟල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර් කිලෝමීටර් 55ක අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අලි වැට වෙනුවට අගල් කැපීම මෝඩ ව්‍යාප්තියක් බව  කී ෆොන්සේකා මහතා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව තමාට මුලදීම තේරුම් ගොස් තිබූ බවද කීය.

අගල් කැපීම ගැලපෙන්නේ නැති ව්‍යාපෘතියක් බව වනජීවී දෙපාර්තමේන්තුව ද පවසා ඇති බව සඳහන් කළ ෆොන්සේකා මහතා නිත්‍යානුකූලව අගල් කපා ඇත්තේ කිලෝමීටර් 5ක දුරක් පමණක් බවද කීය.