(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාව දැඩි බියකට පත්ව ඇති බවත් පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවත් ප්‍රදේශවාසීහු කියති.
කසළ අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් වල නිරත වී ඇති බවත් මීතෙන් වායුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව නලයක පෑස්සුමක පිපිරීමක් සිදුව ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පිපිරීම රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර වේලාව තුළ සිදුව ඇත.
පිපිරීමෙන් කසළ අංගනයේ කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් එහි සේවය කරමින් සිටි සියලු සේවකයින් වහාම අංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එහි නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කොළඹ සිට අරුවක්කාලුවට කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29 ක් ජා ඇල ප්‍රදේශයේදී ආපසු නැවත කොළඹ දක්වා හරවා යැවීමට ද කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීතේන් වායුව එකතු වී සිදුවුන පිපිරීමක් නම් ඉදිරියේ තත්ත්වය තවත් භයානකයි. මීතොටමුල්ලේවත් මේ ආකාරයට පිපුරුවේ නැහැ. අනෙක කිවුවේ මේක විද්‍යාත්මක අංගනයක් කියලා. මීතේන් එකතු වීමත් ගද පැතිරීමත් නිසා එයත් පිළිගන්න බැහැ.
මීතොටමුල්ල 2 ???
කසල අංගනවල පිපිරීම් ඇතිවීම අලුත් දෙයක් නොවේ. කසල තිබෙනදේ කාදමන බැක්ටීරියා මෙතෙන් වායුව නිපදවන් ගමන් අධික උෂ්ණත්වයත් ඇතිකරනවා, මේ හේතුවෙන් ගිනිගැනීම් සිදුවෙනවා. මෙම රටේ කසල එකතු කිරීමේදී කොම්පෝස්ට් කළහැකි කසල අංගන වලට යවන්නේ නැත. ඒ හේතුවෙන් පිපිරීම් අඩුවෙනවා.