( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින  ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.