(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති ඉකුත් ජූලි මස 09 වැනිදා අරලියගහ මන්දිරයට අයුතු ඇතුළු බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.
එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු අරගලය පැවැති අවස්ථාවේදී අරලියහ මන්දිරයට අයුතු ඇතුළු වී, එහි රැදී සිටිමින්, එහි තිබූ භාණ්ඩවලට සිදුකිරීම, භාණ්ඩ පරිහරණය, අයුතු ජනරාශියක සාමාජිකයෙක් වීම ඇතුළු වැරදි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබීණී.
එලෙස ඇප මත මුදා හැරුණේ ගයාන් මධූරංග නැමැත්තාය.
අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුලු වීමෙන් එහි භාණ්ඩවලට මණක් සිදුවූ හානිය රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව එම හානිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ආර්.. ද?