(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් ( log entry) නොමැති වීමෙන් පරීක්ෂණවලට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ලැප්ටොප් පරිගණක, වීඩියෝ කැමරා ආදී වටිනා බඩු භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබිණි.
කිසියම් පිරිසක් මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මාධ්‍ය ඒකකය සහ නාවික හමුදාවේ කමන්ඩෝ වරයකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකරන බව එම නිලධාරියා කීය.
පසුගිය 9 වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළු වී තිබූ අතර තාවකාලිකව වෙන්කර සකසන ලද මාධ්‍ය ඒකකයේ කුහර සාදා ඇතුළු වී මෙම සොරකම් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති මැදුරෙ තිබුනු භන්ඩ වල විස්තර ලෙඛන ගතවෙලාද? දැනට දශක කිපයකට පෙරතම ඔයවගෙ රාජ්ය භාන්ඩවල අස්තාන ගතවිමක් පිලිබදව කසුකුසුවක් ගියා. එකල හිටපු පාලකයො එවා රැගෙන යන්න අතැයි කියාත් වර්තාවුනා. දැනුත් එවාගෙද?