(අංජුල මහික වීරරත්න)
රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර " දිසා ලේකම්වරුන් ඇවිත් අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා යැයි කියන්නට එපා" යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් එම පණිවිඩය තම මට්ටමේ අයට ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනා එකට වැඩ කළ යුතුයැයි ද ජනාධිපතිවරයා කීය.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමෙි සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
ආහාර ප්‍රශ්නයට ලබන වසරේදීත් මුහුණ දෙන්නට සිදු වනු ඇති බව කී ජනාධිපතිවරයා එම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙන්නේ ලෝක ආහාර අර්බුදය නිසා බවද සඳහන් කළේය.
ලෝක ආහාර අර්බුදය මේ දෙසැම්බර් මාසයේදීත් අවසන් වන්නේ නැතැයි ද සමහර විට එය අවුරුදු දෙකක් පවතින්නට පුළුවන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මහ කන්නයේ පොහොර ලබා ගැනීම සඳහා දැනට ඩොලර් මිලියන දෙසීයක් පමණ සොයා ගෙන තිබෙන අතර තවත් ඩොලර් මිලියන විස්සක් පමණ සොයා ගන්නට තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් එන්න එපා... අපි ගාවට... අරයා නිසා මේක කරන්න බැරිවුණා. මෙයා නිසා අරක කරන්න බැරි වුණා... මට තව 5ක් දෙන්න කියාගෙන....
රට මේ තත්වෙට පත්කරපු හැමෝටම හෙණ වදිනවා...
අන්න කවුරුත් මතක තියාගන්න අද 2022 සැප්තැම්බර් 14 වැනි දින මෙයා මෙහෙම කිව්වයි කියො "මහ කන්නයේ පොහොර ලබාගැනීම සඳහා දැනට ඩොලර් මිලියන දෙසීයක් පමණ සොයාගෙන තිබෙන" බව. මෙයා අගමැති වෙනකොට කිව්වා අතේ ඩොලර් මිලියන 500ක් තියාගෙන තමයි එන්නේත්, එයා මෙච්චර දෙනවා, මෙයා මෙච්චර දෙනවා, බ්‍රිතානයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතා මට කතාකරලා මෙච්චර දෙනවයි කියලත්... තවද අමාරු කාලය එදා කිව්වා සති තුනක් පමණයි කියලත්. දැන් තේරනවනේ සේරම පුස් වෙඩිල්ලක් බව. ඒ නිසා තමයි කියන්නේ මේ කතාවල් මතක තියාගන්න ඕනේ කියලා... හැබැයි ඔවුන්ට බොරු කියනවා කියලා කිසිම ලැජ්ජාවක් නැහැ...
දිස්ත්‍රික් ලේකම් කියන්නේ ඔහේගෙ පක්ෂයේ කෙනෙක්ද නැත්නම් වෙනත් පක්ෂයක කෙනෙක්ද? එහෙමත් නැත්නම් කුමන සංවිධානයක කෙනෙක්ද කියලා පැහැදිලි නැහැ. දිස්ත්‍රික් ලේකම් කෙනෙක් ඉන්නවා නම් සභාපති කෙනෙකුත් ඉන්නවා ඇතිනේද? මම නම් තවමත් දිසාපති තනතුරට ගරුත්වයක් දක්වනවා. මොකද ඒ කාලයේ හරි තීරණ ගත් පිරිසක් තමයි දිසාපති කියන්නේ.. ඒ කාලයේ උප දිසාපති කෙනෙක්ගේ තරමට වත්මන් දිසා ලේකම්ලා ක්‍රමවත් බවක් නැහැ. දිසා ලේකම් කියපු නිසා තනතුර හෑල්ලුවට ලක්වෙලා කියා හිතෙනවා.
මෙයත් වැඩ කරන්නේ අරගොල්ලෝ ,එ කියන්නේ දුශිත රාජපක්ෂලා කියන විදියට තමා.
එයා මෙයා නිසා නෙමෙයි, ඔහේ නිසා අපිට අනාගතයක් නැහැ...!! කැමැති නැද්ද අද හෙටම විශ්‍රාම යන්න.
රටේ ප්‍රමාණවත් බීජ වී, රසායනික පොහොර, කෘෂි රසායන, ඉන්ධන නැතිනම්, ආහාර සුරක්ෂිතතාව ඇතිකළ හැක්කේ කවර දිස්ත්‍රික් ලේකම්වරයෙකුටද? තවත් මෝඩ කතාවක්...
රටට ආහාර සම්පාදනය කර ගැනීම පිණිස, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු වෙතින් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නම් අලුත් වැඩපිළිවෙළක් අවශ්‍ය නොවනු ඇතැයි සිතමි.