
(අංජුල මහික වීරරත්න)
මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේ දී පැවසීය.
සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ අද (12) පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි.
දියවඩන නිලමේ සාම්ප්‍රදායානුකූල සංදේශය ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීමෙන් අනතුරුව පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
අනතුරුව චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපති ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් එහිදී ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.
අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපති ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලගල අප්පුහාමිලා තොලොංච් කරලා ගෝල්ෆේස් එක සුද්ද කරපු එකම ඇති ජනාධිපතිතුමා රට ගොඩගන්න- පුලුවන් නම් අනුර කුමාරට තනතුරක් දීලා වැඩ කරන්න කියමු. ගිය පාර හොරැ අල්ලන සභාවක හිටිය වගේ. එතකොට රට්ටු දැන ගන්නවා උන්දැගෙ තරම. පරණ මිනිස්සුන්ට නම් මතකයි මෙයා කටින් වැව් හදපු හැටි
රනිල්ට ඡන්දේ දීපු පොහොට්ටුවෙ දුශිත දේසපාලුවෝ සෙට් එකම බලාගෙන ඉන්නේ රනිල් ගේ කරපිටින් ගොඩ යන්නේ කොහොමද කියලා?
ඔය කම්බ හොරුත් එක්කද රට ගොඩගන්න යන්නේ...? අර පගා ඉල්ලා අස්වෙන්න කිව්ව පගා මස්තාන් සිරිපාල, බොරු කොමිටි දාලා, සුදු ගාලා එළියට ගත්තේ මනුස්සයත් රට ගොඩ ගන්න සටනට එක්කර ගන්නද? මිනිසුනේ මේ තනි බොරු කාරයින්... මේ රට ගොඩගන්න යන මිනිහා අවුරුදු 43ක් පාර්ලිමේන්තුවේ.., 6 සැරයක් අගමැති, රට මේ තත්වයට ගෙනා ප්‍රධාන හවුල් කාරයෙක්...!
කුලියාපිටියේ වොක්සගන් පැක්ටරිය ඉදිකෙරුවා වගෙයිද දන්නේ නැහැ.
තවම ගොඩගන්න සැලැස්මක් නම් පෙනෙන මානයක නැහැ.
දවල් හීන... මෙයා කවද්ද කරනවා කියපු වැඩක් හරියට කළේ...?
රුසියාවෙන් තෙල් ගෙනෙන්නේ නැත්තේ මොකද කියලා රටේ නායකයා විදියට ප්‍රකාශයක් කළයුතුයි. මෙච්චර කෙලවෙලා තියෙද්දිත් CPC එකේ අයට ඔයතරම් OT ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා විදියට ප්‍රකාශයක් කළයුතුයි. මෙච්චර කෙලවෙලා තියෙද්දිත්, ප්‍රමාද ගාස්තු විදියට ඩොලර් මිලියන ගණන් නැවුවලට ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා දැනගතයුතු අතර ඒ ගැන ප්‍රකාශයක් නිකුත්කළ යුතුමයි. වැල් බයිලා කියකියා හිටියට වැඩක් නැහැ.
දවල්ද?
රට ගොඩගන්න දෙමළුන්ටයි, හම්බයින්ටයි... රට, ජාතිය පාවාදෙන්න ලැහැස්ති වෙන්න එපා. 2005 කරන්න හැදුවේ රට බේරාගන්න මේ යුද්ධය දිනන්න බැහැ කියලා... උතුරු, නැගෙනහිර පළාත් ප්‍රභාකරන්ට පවරන්න ISGA ගිවිසුම සකස් කළබව රටම දන්නවා. ඒ කාලේ ඒවාට අරගල කරන්න අරගල කාරයින් හිටියේ නැහැ. මොකද මුදල් සම්පාදනයට ඩයස්පෝරාවක් නොසිටි නිසා...!
සුනිල් කුලියාපිටියේ කාර් කම්පැණි එක හදලා තියෙන්නේ ඇවිත් බලන්න. රනිල් කියන්නේ කියපු දේ කරන කෙනෙක්.. එයාට කරන්න නොදී බාධා කරපු එක තමයි රටේ පුරවැසියනුුත් කළේ...!
මහබැංකුවේ රුපියලක්වත් නැතිලු...