(ඩයනා උදයංගනී)
රටේ පවතින අර්බුදයට විසඳුම ලෝකය වටා සිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලා දැමීමේ සැලසුම් සකස්කිරීම නොවන බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේ ජනතා නැගිටීමක් සිදුවූයේ තෙල් සහ ගෑස් හිඟයෙන් ඇති වූ පීඩනය නිසා බව කී මන්ත්‍රීිවරයා ඉදිරියේදී ආහාර සහ ඖෂධ හිඟයක් ඇතිවී ඖෂධ නැතිව සිදුවන දෙමාපියන්ගේ මරණ හා පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදු වුවහොත් අප්‍රේල් මාසයට වඩා අතිශය භයානක තත්වයක් ඇති විය හැකි බව ද සඳහන් කළේය.
රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කිරීම තුළ බරපතල නීතිමය ගැටලුවක් ඇතැයි කී මන්ත්‍රීවරයා එසේ වුවත්, රටේ රාජ්‍ය රහස් ඇති ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය, අගමැති කාර්යාලය වැනි ස්ථානයන්ට බලහත්කාරයෙන් ඇතුළුවීම නම් ඒක අනිවාර්යයෙන්ම නතර කළ යුතු බව ද කීවේය.
මෙම අර්බූදයට කඩිනමින් නොවිසඳුවහොත් ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල මහත්තයාට අනුව... මේ කාලකණ්ණි ජෙප්පන්, පෙරටුගාමීන් උද්ඝෝෂණ කළාම කොහොමද මහජනතාව නැගිටීමක් වෙන්නේ...? මේ අපතයින් කරන්නේ රට තවතවත් අගාධයට ඇදදැමීමක් නේද? මේ අවස්ථාවේ කළයුත්තේ නිහඬව, පවතින ආණ්ඩුවට සහාය දැක්වීමයි.
අර්බුදයට එක් විසඳුමක්... මෙවැනි ඵලකට නැති දිව දෙකේ දේශපාලකයින්ව පන්නා දමා මොවුන් කර ඇති දූෂණ, වංචාවලට නීතිය මගින් කටයුතු කර නිසි දඬුවම් පමුණුවීමයි.
ඊළඟ මැතිවරණයේදි යන්න තැනක් සොයාගත්තා නම් හොඳයි...!