(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දුන් කාලගුණ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවේදී මෙම යෝජනා මාධ්‍යයට ඉදිරිපත් කළේය.
ග්‍රාම නිලධාරී වසම් 8000 ක පමණ සිදුවී ඇති විනාශය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳ නිවේදනය කිරීම,විනාශ වී ඇති සියලු කර්මාන්ත සඳහා සහන ලබා දෙන මාර්ග තීරණය කර ප්‍රකාශ කිරීම,විවිධ ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය සහ ලීසිං මාස 6 ක සහන කාලයකට පොලී රහිතව ලබාදීම,අඩක් හානි වූ නිවාස වලට ගෙවන වන්දි මුදල් තීරණය කිරීම,පූර්ණ හානි වූ නිවාස වලට ලබා දෙන වන්දි වල උපරිමය සහ අවමය පැහැදිලිව තීරණය කිරීම,ජලයෙන් හානි වී ඇති නිවාස වල බිත්ති බැලූ බැල්මට හානියක් නැතත් යථා තත්වයට පත් කිරීම සඳහා නිවසේ වර්ග අඩි ගණන අනුව යම් මුදලක් ලබාදීම,කෘෂිකාර්මික සමස්ත භෝග සඳහා එනම් ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ සහන ලබා දීම,නිවාස සාදා ගැනීම සඳහා වාරි මාර්ග සහ අනෙකුත් අංශ ඒකාබද්ධ කර වැලි පිරී ඇති ස්ථාන වලින් බලපත්‍ර නැතිව වැලි ලබා ගැනීමට අවසර දීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීන්ට පැවරීම,එම අලුත්වැඩියා කිරීම් ජනතාව විසින් සිදුකරන විට පොලිසි මගින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් ජනතාව අසීරුතාවට පත්වීම වැලැක්වීම සඳහා වැලි ප්‍රවාහනය ලිහිල් කිරීම,හානි සිදු වී ඇති දිස්ත්‍රික්ක සඳහා විදුලිය කඩිනමින් යථාවත් කිරීම, විනාශ වී ඇති කුඹුරු අස්වැද්දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම,සියලුම සමෘද්ධිලාභී සහ අස්වැසුම ලබාගන්නා පවුල් සඳහා සහ රජයේ විශ්‍රාමික අය සඳහා ලබා දෙන දීමනාව මාස කිහිපයක් දෙගුණයක් කර ලබා දීම, හානි සිදු වී ඇති නැති ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සඳහා ඇතිවිය හැකි ආහාර හිඟය සහල්, ලූනු, අල, පරිප්පු හා එළවළු ඇතුළු සියලු ද්‍රව්‍යයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා යෝජනා සකස් කර ගැනීම,සියලුම හානියට පත් රජයේ සේවකයන්ට සහ හානි සිදු වී ඇති ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට, විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාට මෙම කාල සීමාවේ පෙර රජයන් විසින් කරන ලද ආකාරයටම විශේෂ දීමනා චක්‍ර ලේඛන වහාම නිකුත් කිරීම එම යෝජනා වේ.
මෙහිදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවැනි අවස්ථා කළමනාකරණය කර බොහෝ අත්දැකීම් තිබෙන අතර ඒ සඳහා එතුමාගෙන් සහාය ඉල්ලුවහොත් නොපැකිලිව ඒ සහය ලබාදෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් කළෙත් ඔය පළපුරුද්ද තියෙද්දිම නේද?
අනේ මේ පිස්සු කියවන්නේ නැතුව ඉන්න 2048 ආර්ථිකය හදාගන්න හිටපු උන් දැන් යෝජනා එවනවා
2016 මහා ගංවතුර අවම උබල මොනවාද දුන්නේ සම්පුර්ණ නිවස කඩිලනම් එක හදාගන්න ලක්ෂ 25 දුන්න නිවස හානි වෙලානම් රජයේ තක්සේරුව අනුව මුදල් දුන්න රු 10000 දුන්න ගෙවල් සුද්ද කරගන්න හා මුලික අහාර ගන්න මැරුණු මිනිහෙක්ට රුපියල් 100000 දුන්න . දැන් උබල කියන්නේ මේක දෙන්න කිලද ?
අනේ ඔගොල්ලන්ගෙ යෝජනා ඔගොල්ලොම තියාගන්න, රජය ඔය යොජනා කුනු කුඩයට දැමිය යුතුයි , ඔගොලන්නගෙ යෝජනා හරවත් උනානම් මේ රටට මේ අබැද්දි වෙන්නෙ නැ.
දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ කට පියාගෙන හිටපු තමුන්ලාගෙන් ,ආණ්ඩුවට මොන යෝජනා ගෙනාවත් වැඩක් නැහැ. ජනතාවාදී අදූෂිත ආණ්ඩුව වැඩ හරියට කළමනාකරණය කරගනී.. දමනීවත් හරියට වැඩ කරන්නේ නැති අපිට වැල් පාලමෙන් යන්ඩ කියාපු රනිල් ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
බොරදියේ මාළු බාන්න එපා
අපෝ මෙයාලට උදවු ඕනේ නෑ වජිර. බංකොලොත් රටක්, පෝලිම් තිබ්බ රටක්, සංචිතේ බිංදුවට වැටිච්ච රටක් අවුරුද්දෙන් ගොඩ නගලා, පෝලිම් නැති කරලා, සංචිතේ ඩොලර් බිලියන 6ක් කරපු මැජික් කාරයන්ට මේක මොන කජ්ජක්ද?