
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන දැනුම් දී තිබේ.
එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියතය.
ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැනද තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කොට තිබේ. එසේම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට එන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එකඟතාවය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හරි යන්නේ නැහැ. BBS එහෙම ඕකට කැමැති වෙන්නේ නැහැ. තෙල් ගෙනැල්ලා වඳ කරනවා කියයි.
මාර කේස් එක වෙන්නේ දැන්.., හලාල් වෙයිද දන්නේ නැහැ...?
යුක්‍රේන් යුද්ධය නිසා වඩාත්ම දියුණු වුනේ ඉන්දියාව. රුසියන් තෙල් ගෙනැල්ලා පිරිපහදු කරලා බටහිරට දැන් ඩොරල් වලට විකුණනවා. ගන්නේ ඉන්දියන් රුපියල් වලින්... ඇයි අපිටත් බැරි හම්බන්තොට චීන පිරිපහදුවක් හදලා රුසියන් තෙල් ගෙනැල්ලා බටහිරට විකුණන්න? ඉන්දියාව මේ සල්ලිවලින් ඉක්මණින්ම පෝසත් වෙනබව දැන් පේනවා...!
ලංකාව ඕනෑම බිස්නස් එකකට යුද්ධ වලට හොඳ සංධිස්ථානයක්. ඒක ලෝකය දන්නවා. නමුත් ඉන් ප්‍රයෝජනය ගන්න මේ රටේ ඉන්න එවුන් දන්නේ නැත. ඒක අපේ අවාසනාව...!
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නනේ. ඉතින් තෙල් ගෙනැල්ලා ගබඩා කරන්නේ බූලිවලද?
ඕක හරි යන්නේ නැහැ, අපේ අය වඳවෙයි.
ඒකනම් හුඟක් හොඳ වැඩක්... එතකොට අපිට අඩුමිලට තෙල්ගන්න පුළුවන් ඒ වගේම රටට හොඳ ආදායමකුත් ලැබෙනවා. ඒ වගේම රුසියාව, ඉරානය, සෞදි අරාබිය, ඇල්ජිරියාව, ඕමාන් වගේ රටරටවල්වල තෙල් හා ගෑස් ගෙනැල්ලා ලංකාව කේන්ද්‍ර කරගෙන බෙදාහරින්න ගිව්සුම් ඇති කරගත්තොත් ලංකාවටත් ඉක්මණින් පොහොසත් රටක් වෙන්න පුළුවන් වෙයි.
UAE ගොඩක් කැපකිරීම් කරලා දියුණු වෙච්චි රටක්. මේ වගේ වැඩ සාර්ථක කරගත්තොත් ඔවුන් අනිත් දේවල් වලටත් උදව් කරාවි.
බමුණු ඉඳලා හිටලා ඇත්ත කියනවා. හැබැයි රටට මෙහෙම කළ උන්ටම තමයි කඩේ යෑම..
දැන් අපේ කට්ටිය ලහිලහියේ හොයනවා ඇත්තේ ඔවුන්ගේ සාක්කු වලට කුට්ටියක් දාගන්න ක්‍රමවේදයක් මිස, එය ලංකාවට ගෙන්වා ගෙන රටේ ආර්ථික දියුණුවට එය යොදා ගන්නා ආකාරය නොවේ. ඔවුන්ට කුට්ටිය කන්න බැරි නම් පුළුවන් නම් එය නවත්වන්න කුමන්ත්‍රණ කරයි. නැතිනම් මොකක් හෝ සංවිධානයක් හදාගෙන, කැමරාවකුයි, මයික් එකකුයි අල්ලාගෙන මාධ්‍ය සාකච්ඡා තියලා එය ලංකාවට ගෙනාවොත් වෙන ආදීනව කියලා රටේ නැති බොරු කියයි. ඊට පසු සමාජ මාධ්‍ය ඔස්සේ රෙදි උස්සාගෙන පල් බොරු කියලා කෑගසයි.