
(සමන්ත යහම්පත්)
ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා‘ චිත්‍රපටයට හිමිවිය.
මෙම මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැති මෙම සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ‘මාරියා‘ චිත්‍රපටය මීට පෙර රුසියාවේ ‘යල්ටා ඉයුරේෂන් බ්‍රිජ්‘ අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සම්මානයත්, වියට්නාමයේ ‘හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය එහි රඟපෑ සත් දෙනා ලබාගැනීමටත් සමත්විය.
මෙවර ‘ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේදී‘ එම සම්මානය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන හා නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු ලබාගත්හ. මෙම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පියකු වන හේමාල් රණසිංහ ද එක්විය.
මහ මුහුද මැද සම්පූර්ණයෙන් ම රූපගත කළ ‘මාරියා‘ චිත්‍රපටයට නළුවන් පමණක් දායකවීම විශේෂත්වයකි. මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මාරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර හා සුරන් දිසානායක චරිත නිරෑපණය කරති.
මෙම චිත්‍රපටය මෙම 14 වැනිදා සිට 20 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර ආරම්භ වන ‘ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයටද තොරාගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක්