
(සුජිත් හේවාජුලිගේ)
නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.
කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.
විපක්ෂයේ පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද මේ කටයුත්තට සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.
නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා මහතා සමග කළ සෙල්ලම් රනිල් මහතා සමග කළ නොහැකි බව මේ ඉත්තන් මෙවර ඉගෙන ගන්නවා ඇත. කෙසේ වුවත්, මේ කඩාකප්පල්කාරීන් ගේ සහායට මෙවර තානාපති නෝනාලා හෝ පිටරට සංවිධාන නොපැමිණෙනු ඇත. එසේම, ජවිපයද ඔවුන්ගේ සරණට නොඑනු ඇත. උසිගන්වන ටීවී චැනල් කාරයින් ද පිටේ පත්තු බඳින්නට නොඑනු ඇත...
ඒ මාරාන්තික පිස්සුව නම් නිට්ටාවටම සුවකළ යුතුයි. NGO වලින් මුදල් අරගෙන රට විනාශ කරන පුද්ගලයින් බොහෝ ඉන්න වග පැහැදිලියි. පහුගිය ජනාධිපතිවරයා මෙන් හුරතල් කරකර හිටියොත් රට ඉවරයි...
රනිල් රාජපක්ෂ කොයිතරම් බය වෙලාද කියලා වටේ ඉන්න සුනඛයන් බුරන තරමින් පෙනෙනවා...
පක්ෂ බදාගත් හෝ NGO බදාගත් උදවියත් පටු මානසිකත්වයෙන් පෙළෙන උදවියත්, රටක්, ජාතියක් ගැන නොදත් උදවියත් සත්‍ය ට නිගරු කරන අතර සත්‍ය පවසන අයට ගරහන වගද පැහැදිලියි. ඔවුන්ගේ ආකල්ප රටට සහ ජාතියට විනාශය කැඳවයි...!
හරක් පට්ටියක් බලන්න බැරි පොන්න රුවනා බයවෙලා
මේක බුද්ධි අංශ වාර්තාවක් ද ,පොහොට්ටුවේ පුද්ගලික දේශපාලන ලියවිල්ලක්ද?අරගලකාරයෝ කියන ලේබලය ගහන්න හදන්නේ කාටද?අරගලයේ දේශපාලන පක්ෂ,විවිධ කණ්ඩායම් හිටියා මිසක් නිශ්චිත එක දේශපාලන කණ්ඩායමක් මෙහෙයවපු එක්ක නෙවෙයි සහ ආණ්ඩු කරපු මෝඩ තීරණ හින්දා ඇතිවෙච්ච අරගලයක්.ඉතින් හරි තීන්දු තීරණ ගන්න බැරිව මිනිස්සු අපහසුතාවයට පත් කරලා කාගේ පිට දාන්න හදන මේ වැඩ බැරි ආණ්ඩුව ගැන තියෙන්නේ දුකක්,අනුකම්පාවක්.එක ඇමතියෙක් පෙනී ඉන්නේ විදුලි බලය වෙනුවෙන්.අනිකා ඉන්නේ වගාව වෙනුවෙන්.ආණ්ඩුවත් එක මතයක නැහැ.අද ඉන්නේ වෘත්තීමය බුද්ධි අංශයක් නෙවෙයි.දුෂිත ආණ්ඩු රකින හෙන්චයියන්
ඔය බොරු තර්ජන වලට බය වෙන්න එපා , මෙරටට ලොකු නියඟයක් එනවා කියුවේ ගිය අවුරුද්දේ ඉඳල , රනිල් ලට පොහොට්ටුවේ හොරු ටිකට අවුරුද්දකට වඩා කාලයක් තිබ්බ එකට සුදානම් වෙන්න , කාංචන ඇමතිය විදුලි බිල වැඩි කරෙත් ඉදිරියේදී නියඟයක් පමිනිවිට අකණ්ඩව විදුලිය ලබාදෙන්න හැකියාව ලබාගන්න කියල , රනිල් ලෝකේ වටේ ගිහින් දේශනා වලට සහබාගි උන ඇතිවෙන්න යන දේශගුණික විපර්යාස පිලිබඳ , ඉතින් එච්චර දැනුවත්ව ඉඳලත් ,නියඟය කට ලඟට පැමිණි පසුත් අපහු විදුලි කැපීමක් ,අහර හිඟයක් , දැඩි අහර උත්දමනය්ක් පැමිණියොත් ,එකට දැන් ඉන්න ජනාදිපති ඇතුළු කමිනට් මණ්ඩල සම්පුර්නය්න් වග කිව යුතුයි
මේක කියන්න බුද්ධි අංශ ඕනෑ නෑ. ඕන කෙනෙකුට බැලූ ගමන් පේනවා මිනිස්සුන්ට කන්න නෑ... ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙතක් ගන්න බයයි. හැමතැනම මිනීමැරුම්... කුඩු වැහි වැහැලා... ඉතින් මිනිස්සු පාරට බහින එක ගැන කියන්න බුද්ධි අංශ ඕනෙද?