(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගාලු මුවදොරින් පමණක් නොව පීඩනයට හසු වී තිබෙන සියලු ජනතාව විසින් එය කළ යුතුව තිබෙන බව කී ෆොන්සේකා මහතා අරගලයක් ඇවිත් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුම බව කීය.
"ලංකාව දැන් ගරා වැටුණු වලව්වක් වගේ.පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා.පරාල වලට ගුල්ලෝ ගහනවා.බිත්ති වලට වේයෝ ගහනවා. ඇතුලෙ කාමර වල වවුල්ලු එල්ලිලා.මේ වවුල්ලු තමයි දේශපාලකයන් යනුවෙන්ද ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම කලින් ඇරියස් වෙච්ච ලයිට් බිල ගෙවලා නෝනා පදින ජීප් එකේ ලීසින් ගෙවලා ඉන්නවද?
එනවා කියලා ආවේ නැහැ .දැන් ආයිමත් තරුණයෝ උසි ගන්වලා ඔවුන්ව අමාරුවේ දාන්න හදනවා
ජනතා සහ දේශ හිතකාමි ආණ්ඩුවක් පිහිටවමු.
අපි විදෙස් රටක ජිවත් වුණත් ,ඔබගේ අදහසට කොන්දේසි විරහිතව එකගයි.ඒ වගෙම අරගලයකින් තොරව මෙයට විසදුමක් නොමැත.අරගලයට ජය වේවා!!!
මේ මනුස්සයා වයසට ගියත් ලේ පිපාසෙන් තිරිසනෙක් කියලා මට හිතෙන්නේ .තනිකර පිස්සෙක්
අනිවාර්යයෙන්ම මේ ඉන්න කාලකන්නි සෙට් එකම ඕනේ
මෙයා හදන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන්න...
ආයෙත් මොකද්ද කරන්න යන උප්පරවැට්ටිය .මාර වෛරයක් තියෙන්නේ
ප්‍රබාකරන්ට දෙන්න බැරිඋන පණ අරගලයට දෙන්න . හැබැයි අරගලය අපේ එදිනෙදා ජීවිතයට බාදාවක් නම් ඔහෙලගෙ පන ටයර් සෑයට තමයි.