IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක්

 

(අංජුල මහික වීරරත්න)

අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.

 තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ සහයෙන් මේ පරිශ්‍රයේ  ඉදිකරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම මෙන්ම  සාකච්ඡා  පැවැත්වීම සඳහා පසුකම් මෙම පරිශ්‍රයෙහි ස්ථාපිත කරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය. 

ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපන ශාලා මෙහි ඉදි කරන බව රත්නායක මහතා සඳහන් කළේය.

 තරුණ තරුණියන්ගේ  දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් ලෙස මෙම පරිශ්‍රය ගොඩනගන බව කී රත්නායක මහතා ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවද  කියා සිටියේය. 

අරගලයේ නියුතු තරුණ තරුණියන්ගෙන් බහුතරයක් නව අදහස් ඇති නව නිපැයුම් කළ හැකි පිරිසක් බැවින් ඔවුන්ට තම දක්ෂතා මෙහිදී ඔප් නංවාගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සාගල රත්නායක මහතා කීය.

තරුණ කණ්ඩායමක් තම විරෝධය ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට යොමු කර අලුත් විරෝධතා සංකල්පයක් ගොඩ නැගූ බව සිහිපත් කළ සාගල රත්නායක මහතා එවැනි නවමු අදහස් ඇති තරුණ තරුණියන්ට මෙම ස්ථානය  දක්ෂතා ලෝකයටම පෙන්විය හැකි ස්ථානයක් වනු ඇතැයි ද කියා සිටියේය.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි ස්ථාන තිබෙන බවත් ඒවා නැරඹීමට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එන බවත් කී එජාප ජාතික සංවිධායකවරයා පාවෙන වෙළෙද සංකීර්ණ භූමියත් එවැනි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව  කීවේය. 

මෙම ඉදිකිරීම් වලට අදාළ සැලසුම කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් කොළඹ දී හමුවූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. මෙම සැලසුම සම්බන්ධයෙන් අරගලයේ නිරත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඊට ඔවුන්ගේ කැමැත්ත පළ වූ බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (11)

අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක්

sena Tuesday, 13 September 2022 11:57 AM

මොන බොරු වැඩක්ද? අරගල කාරයෝ හිරගෙවල්වල ගාල් කරන්නේ.

:       10       32

randil Tuesday, 13 September 2022 12:35 PM

නුඹලා වගේ මන්ද බුද්ධිකයන් දාන්න වෙනම පිස්සන් කොටුවක් හදමු... ඒ සල්ලිවලින්. ලොකු පිනක් ඒක.

:       0       0

Surain Tuesday, 13 September 2022 12:47 PM

ඔයාලගෙ අර නිතර යන දෙනියායෙ ගෙවල් පැත්තෙන් දෙන්න බැරිද? ඒවා දිහා බලන් අඳින්න පුළුවන්.

:       4       13

SUNIL MILANO Tuesday, 13 September 2022 01:27 PM

මෝඩ චූන් වැඩ කරන්න එපා. ඔය නැවත ඉල්ලගෙන කන්න හදන්නේ. මුන්ට දැනෙන භාෂාවෙන් සලකන්න ඕන. ඒකට හරියන්නේ දෙකේ දෙකේ පොලු.

:       9       19

randilTuesday, 13 September 2022 02:03 PM

පොලුපාරවල් දීලා හදන්නවත් බැරි තමුන්ලා වැනි අය ලැජ්ජාවක් නැතිව මෙහෙමත් කමෙන්ට්ස් දානවනේ...!

:       0       0

de silva Tuesday, 13 September 2022 01:41 PM

අපට තෑගි එපා අලුත් ඡන්දයක් දෙන්න.

:       6       17

de silva Tuesday, 13 September 2022 02:15 PM

අරගලකරුවන් ඉල්ලුවේ රුපියල් 5000 ඒවා... සමෘධි හෝ වෙනත් තෑගි නොවේ.. ඉදිරි අනාගතේ ලංකාවේ සියලු දෙනාටම නිදහසේ රැකියාවක් කරගෙන හම්බ කරගෙන කන්න. නිදහසේ අද්‍යාපනයක් කරගෙන ජීවත් වෙන්න රටක්.., මානව හිමිකම් ආරක්ෂා කරන රටක්, අලුත් ක්‍රමයක්. ඉදිරියට මේවා නොලැබුනොත් අරගලකරුවන් විසින් රනිල් ප්‍රමුඛ 134 දෙනාටම බඩකට පුරා තෑගි දේවි.

:       0       0

කිරිපුතා Tuesday, 13 September 2022 02:41 PM

වැඩේ හොඳයි... ඒ විදිහට හිතන අයට. ඔය අරගලය කියලා මොකද්ද කළ අයට අවශ්‍ය පාරට බැහැලා කාලෙකන්න. වෙනනම් දැක්මක් නෑ. රැල්ලට හුුරේ තියනවා...

:       0       0

විපරමා Tuesday, 13 September 2022 02:43 PM

ජනතාව ගොනාට අන්දවන්ඩයි හදන්නේ .ඒවාට රැවටුනු කාලේ දැන් ඉවරයි .

:       0       0

fairoos Tuesday, 13 September 2022 03:07 PM

වහල්ලුන් නන්දසේන වෙනුවෙන් චිත්‍ර ඇන්දා මතකද? ඒකෙ දෙවන කොටසද?

:       1       0

sarath Tuesday, 13 September 2022 05:30 PM

ඔහෙලා දේශපාලනයෙන් සමුගත්තා නම් තරුණ තරුණියන්ට නව නිර්මාණ කර රට ගොඩගන්න කාලය උදාවෙනවා. එයයි කළ යුත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site