(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල පොල්දූව හංදියේ ඊයේ (13) ඇති වු නොසන්සුන්තාව අතරතර ප්‍රකෝප වු පිරිස් එහි ආරක්ෂාවට කැඳවා සිටි හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබු ටී 56 ගිනි දෙකක් පැහැගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.
පිරිසගේ අමානුෂික යකඩ පොලු ප්‍රහාරයට ලක්ව සෙබළුන් දෙදෙනා හිසට හා මුහුණට බරපතල තුවාල සිදුව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.
හමුදා සෙබළුන් දෙදෙනාගේ ගිනි අවි දෙක සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය භාවිතා කරමින් ඉදිරියේ කිසියම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට හමුදාව ඉල්ලා සිටියි.
---------------------------------------------------------------------------------------------------
7.40 Am
(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් කල් දුව මහතා පවසයි.
මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය , ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ගිනි අවිය පැහැරගැනීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී නැත.
පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු බවත්, හමුදා සෙබලා වැල්ලවාය දේශය කඳවුරක රාජකාරි කරමින් සිටින්නකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අරගලය යන්නේ වෙනත් පැත්තකට.එයට පාතාලයන් කුඩ්ඩන් හොරුන් හා දඩබ්බරයන් රිංගලා. කිසි පාලනයක් නැහැ.
ඒව නං හරිම නරක වැඩ .
මකොල්ල කරුවන් පාතාලය සක්‍රිය වි අති බවින් වහාම පියවර ගත යුතුය ඔවුන් අරගල කරුවන් (ජනතාව ) නොවෙ මෙම පුවත වැරදි සහගත බව පෙනෙනව.
මෙය රනිල්ගේ උප්පරවැට්ටිවලින් එකකි.
87-89 යුගයට නැවත අතවැනීමක්ද? නැහැ, නැහැ. වෙන්න බැහැ. අර පාරට බැහැලා ඉන්න කිරි සප්පයෝ ඒ කාලේ වෙච්ච දේවල් දන්නේ නැහැනේ...
එක් බැංකුවක ප්‍රචාරක දැන්වීමක් තිබුනෙ සතෙන් සතේ රුපියලෙන් රුපියල කියලා ඒ ගැන පොඩ්ඩක් හිතන්න 1971 අප්‍රේල් 5 සිට පැවති තත්වයත් ඒ වගේම තමයි
JVP සාම හමුදාවට යන්ඩ එකතු කරනව වගේ.
වහාම රටට අවශ්‍ය හමුදා පාලනයක්... අගමැති, ජනාධිපති, 225, අනුර කුමාර, අන්තරේ ජෙප්පන්, කුරුටුගාමීන්, කුමාර් ගුණරත්නම්, කර්නර්... එක්කෙනෙක් වත් වැඩක් නැහැ. රට තවත් වලපල්ලට. මියන්මාරේ ආදර්ශයට ගන්න.
අරගලයට සවන් දීලා රනිල් ඉල්ලා අස්වුණොත්, මේ ඔක්කොම ඉවරයිනේ...
අරගලයට මුවා වී පාතාලකාරයින්, කුඩුකාරයින්, හොරුන් හා විවිධ පුද්ගලයින් සිටියි. ඔබ ඔවුන්ව හඳුනාගන්න රට අරාජික නොකරන්න. තාමත් දේශපාලකයින්ට කඩේ යන අය සිටියි.
ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා ළඟ පැහැර ගත්තු ටි -56 තියෙනවා. බලාගෙන... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි.
නිදහස් අරගලය ලේ විලකින් අවසන් වේ. එයට වැඩි කලක් නොමැත...
සාමකාමි ජනතා විරෝදයකට අවි ආයුධ අරගෙන ආවෙ අයි?
මෙතරම් කාලයක් ඉවසා සිටීම ගැන ජනාධිපති ගෝටාභය ට ස්තූති කරන්න ඕනෑ. නමුත් දැන් ඉතින් ඉවසුවා හොඳටම ඇති. අරගල කාරයෝ උන්ගේ අවසානය ලඟාකර ගෙන ඇත.