(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ දැවමය සිතුවම් තිස් එකක් සහ වෙනත් චිත්‍ර සහ සිතුවම් අටක්ය.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේදී කළ කරුණු සොයා බැලීමකදීය.
මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ චිත්‍ර 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර එහි නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මූලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව දැනගන්නට ඇත.
සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා( රසායන සංරක්ෂණ) ගීතානී කුරුප්පුආරච්චි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ සිතුවම්වල හායන තත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සංරක්ෂණය සම්බන්ධයෙන් මූලික රෙකමදාරු වාර්තාවක් පිළියෙල කිරීමට කටයුතු කරගෙන යන බවයි.
මෙම වාර්තාව ජනවාරි මාසයේදී බාර දීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කාරයෝ කියන්නේ ඒ වලාවේ ජෙප්පන්ගේ හයිය අරගෙන කල දුටුකල වල ඉහ ගත්ත පට්ට හොරු ජාතියක්. පොදිජෙප්පෝ මිනීමැරීම් මංකොල්ල කෑම් හොරකම් කලාම මහ ජෙප්පෝ ඒ අපේ කට්ටිය කියන්නේ නැහැ. හැබැයි ගොවි උද්ගොෂනකදී අමුඩේ හගගෙන ආවාම ඒ අපේ සහෝදර ජනතාව කියනවා.
අපෝ ඒ අය එහෙම නැලූ.
ගලේ පැහැරූ බළලකු ගේ තත්ත්වයට පත් වූ "අරගලය" නමැති දේශපාලන ප්‍රහසනයේ, රුකඩ නාටකයේ, ළාමක ක්‍රියාවලියේ විකට සහ මුග්ධ ස්වරුපය පෙන්වන තවත් පුවතක්.
නිකමට වගේ සජිත්ගේ අම්මාගෙන් සහ මස්සිනාගෙනුත් අහලා බලන්න
අනේ මේ අලුත් අවුරුද්දෙවත් ඔ්ක නවතලා මේ රට ගොඩ ගන්න පුළුන් වැඩක් කරොත් නරකද?
ජෙප්පො තමා
දැන් මේ චිත්‍ර දිනේෂ් ගේ ගෙදර බිත්තිවලද දන්නේ නෑ.
මනුස්සයින්ට පුළුන් තරම් චෝදනා පටවලා තියන ඔක්කොම හොරකම් කරනවෝ.
එතකොට රටේ ධනය හොරා කෑ උදවිය ගැන හොයලා බලන්නේ නැද්ද?
අලාභය රුපියල් 250 යි. ඒත් කෝටි දෙකහමාරක් කියනවා.
As per the News report on last August 2nd, Archeological Dept. Officials have reported Police that no damage has been executed by the protestants other than scratches on the walls. But they have specifically highlighted that the Inventory of the building has not been updated !