(රංජිත් රාජපක්ෂ)
අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජනාධිපති මැදුරට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධ බව කියන නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනිම සදහා ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරිමට සැකකරුගේ නිවසට ගිය එහි සිටි තවත් තරුණයන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරිමේදි අරගලයට සම්බන්ධ පිරිස පොලිසිය අත්අඩංගුවට ගන්නා නිසා සැඟව සිටින බවට අනාවරණය වී ඇත
පසුව එම තරුණයන් සිව්දෙනාද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නිවසේ සැගව සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය , ගොතටුව , කළුතර සහ නුවරඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉස්සර පොලීසියට බැන්න විදිහට දැන් බනින්නේ නැද්ද දන්නේ නෑ. පුදුම චණ්ඩි කමක්නේ තිබ්බේ...
ඇයි මේ සාමාකාමී අහිංසක, අරගලකරුවන්ට කරදර කරන්නේ? අඬු කැඩුවාට කමක් නැහැ.. කරදර කරන්න එපා...
මහ ලොකු චණ්ඩි වගේ අරගලකරැවන් පසුගිය කාලය හැසුරුණේ. දැන් හැංගෙන්න තැන් සොයනවා.
අරගලයට සහභාගි වුණා කියලා එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මේක පුදුම කැලෑ නීතියක්..
මර්දනයට පිළිතුරු දැනටම හම්බවෙලා තියෙනවා නේද ? ලෝක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , අන්තර්ජාතික ප්‍රජාව ලංකාවට ණය සහ ආධාර දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා .... විදේශ ගත අපිත් එක ඩොලරයක් එවන්නේ නැහැ .....
අනවසරයෙන් ඇතුළු වුණු හැමෝම අත්අඩංගුවට ගන්න..! මේ පහත් ක්‍රියාවන් ලංකාව 0 වට වැටී ඇත...!
මිනිස්සු අරගලයට පාරට අවෙ ඇයි කියල වත් නොදන්න කුහකයො මෙච්චර ඉන්නව ද කියල දැක්කම රටෙන් පිට වෙලා යන මිනිස්සු හරි කියල හිතෙනව.. තව මසෙකින් මෙ ඉන්දන ටිකත් නැති වෙලා මෙ වන්දිභට්ටයන්ට තණකොල විතරක් ම කන්න වෙනකොට වත් පියවි සිහියට එයි ද බලමු...