
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර්වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඩී තවුහිද් හොසේන් මහතා ප්‍රකාශ කළේය.
අධිකරණය නියෝගයක් ලබා දුනහොත් ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට අන්තර්වාර රජය සූදානම් බවද ඔහු පැවැසුවේය. ෂෙයික් හසීනා බංග්ලාදේශයට ගෙන එමින් නීතිය ඉදිරියට පමුණුවීම සඳහා හැකි සෑම දෙයක්ම කරන බවද හොසේන් මහතා එහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුමක් තිබෙන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් විදේශ කටයුතු උපදේශකවරයා පැවැසුවේය.
බංග්ලාදේශ අරගලයෙන් පසුව රටේ වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. කෙසේ නමුත් බංග්ලාදේශයේ අරගලය ඉන්දීය මාධ්‍ය අතිශයෝක්තියකින් වාර්තා කළ බවත් බටහිර මාධ්‍ය එවැනි ක්‍රමයක් අනුගමනය නොකළ බවත් ඔහු පැවැසුවේය.
COMMENTS
හසීනා ගොඩ ගත් රට අරගලකරුවෝ විනාශ කළා. අවසානයේ සිදුවන්නේ ඉස්ලාමීය අන්තවාදය රජවීමයි.
NGO බුරියානි බංගලි අරගල කාරයොත් කෑවා එහෙනම්. අපේ රටේ අය කෑවා නම් බංගලි අරගලකාරයෝ ගැන කවර කතාද?