(ඩයනා උදයංගනී)
ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.
රටේ ජනතාව විසින් පරාජය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව ගාලු මුවදොර අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලභූමියේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලක්‍ෂ 69ක් ඡන්ද ගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජෙට් යානයකින් මාලදිවයිනට පැන යන තත්වයට තරමට පත්කළේ මහජනතාව බවත්, පහරදී පන්නා දමා හෝ අත්අඩංගුවට ගැනීම් මගින් අරගලය අවසන් කළ නොහැකි බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කළේ තමන්ගේ පවුල, හොරවැඩ ආරක්‍ෂා කරගැනීමට බවත්, ඔහු අවස්ථා 6ක් අගමැති වී ජනතාව වෙනුවෙන් කිසිත් නොකළ, මහබැංකුව කොල්ල කෑ, ඡන්දයකින් පාර්ලිමේන්තුවට එන්නට නොහැකි වූ අයකු බවත් කී මුදලිගේ මහතා අරගලය ඔහු එලවීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පැවසීය. පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බවත්, අරගලකරුවන් විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්මට පිටින් ගියොත් ඉදිරි සති දෙක තුන තුළ ආණ්ඩුවට වන දේ බලාගත හැකි බවත් ඔහු කීවේය.
අරගලකරුවන් නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ජීවන්ත පීරිස් පියතුමා, නීතීඥ නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලමයි ගගෙදර යන්න. ආර්තිකය ගොඩදාන්න අරගල කරලා බැහැ. අරගල නිසා වෙන්නෙ සංචාරකයො එන්නෙත් නැතිව තව රට කඩාවැටෙන එක.
දැන් නම් මේ අය නැටුවා ඇති වගේ...!
ඔව්, රාජපක්ෂලාව සුරකින්න පතාගෙන ආපු කෙනෙක් ජනාධිපති කරන්න ඔවුන්ගේ හෙංචයියන්ට විලිලැජ්ජා නැතිවුණා කියලා ඒකට මහජනතාව පළිනෑ. මිනිස්සු මහපාරේ නොවිඳිනා දුක් විඳිනවා කියලා කොතේරෙන කෙනෙකුට රට දෙන්න තරම් මුදලට ගිජු අය...!
දැන් ඉතින් ඉවසුවා ඇති...! සුගතානන්ද, ජීවන්ත පීරිස්, නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි සැම දෙනාටම මල් වඩම් අවශ්‍ය නම් මා දැනුවත් කරන්න..!
දැන්වත් යන්න.. ඔය නලු, නිළියෝ දාලා ඩිරෙක්ටර්ලා ගහන ටෙලි නාට්‍ය... චිත්‍රපටි ආයේ මිනිස්සු බලන්නේ නැහැ. ඒ හින්දා ඒ අය ටෙලිඩ්‍රාමා ආයෙ ගහන්න එපා.
ජයවේවා... අරගලයට ජයවේවා..!
රනිල් එක්ක ගත්තාම, ගෝඨා කියන්නේ අන්තිම අහිංසකයෙක් පුතාලා. මහජනතාවත් ඔය ගොන් පාට් වලට අල්ලගන්න අමාරු වෙයි...
අනේ අපේ රටට දැන්වත් ඉදිරියට යන්න සහයෝගය දෙමු. මමත් ඔතැන හිටියා. කාලයක් දීලා බලමු... ඔතන ජීවත් වෙන්න අවශ්‍ය නෑ...
අච්චර ඡන්දේ අරගෙන ආපු ගෝඨාභයට යන්න කිව්වා. දැන් කියනවා රනිල් ගත්තු ඡන්ද ගාන මදිලු. අනුරගේ ස්ට්‍රටෙජි හරියන්නේ නැති නිසා මේ ගොල්ලන්ට හැමදාම පාරේ තමා ඉන්න වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
ඔබලගේ මතය සමස්ත සමාජයේ මතය නොවේ. රැකියා ව්‍යාපාර අනතුරේ. ධනාත්මක සහයෝගයක් දී වගකීමෙන් කටයුතු කිරීම සැමගේ යුතුකමයි. ඊළඟ මැතිවරණයේ දී රනිල් එළවා කැමැත්ත ඉටුකර ගන්න...
මොවුන් රට විනාශ කරනවා. මොවුන්ට වෙන වැඩ නැතිවුණාට සාමාන්‍ය ජනතාවට වැඩ තියෙනවා. ගාලුමුවදොර ඔවුන් සතුදේපළක් නොවෙයි. ඒ පැත්තම විනාශ කරලා තියෙන්නේ අසීලාචාර අරගලකරුවන්... දැන් ඉතින් යන හෝ යවන කාලය හරි. මේ කළා මදෑ...!
පටන්ගත්තු බිස්නස් එක දාලා යන්න සමහරුන්ගේ කැමැත්තක් නෑ වගේ... මොකද හොඳට හම්බ කරන මාර්ගයක් වෙලා.. සමහරු කාලා බීලා සැපෙන් ඉන්න එතැන ඉන්නේ...!
"නිර්පාක්ෂික" අරගලේ මහ මොළකාරයින් පේනවනේ, අන්තරේ රස්සාවක් නැති හිඟන්නන් කියන විදිහට රට ගෙනිච්චොත් මරුවට හිටියි..
පින් සිද්දවෙයි දැන් ඇති. මාත් අරගලේ හිටියා. රාජපක්ෂලා එලෙව්වා. දැන් මේ මනුස්සයාට කරගෙන යන්න දෙන්න. ජේවීපී පෙරටු දේශපාලනේ පස්සේ කරගනිල්ලා.
රට වෙනුවෙන් නව ජනාධිපතිවරයාට කළහැකි පළමු කාර්යය වනුයේ මේ කාලකණ්ණි රැල මට්ටු කරලීමයි. එන එන මනුස්සයා පන්නමු කියන්න මේ ගොල්ලන්ට තියෙන බලය මොකක්ද? මෙයාලා නියෝජනය කරන දේශපාලන පක්ෂ පහුගිය ඡන්දවල දී කොච්චර මනාප හෝ ඡන්ද ලබාගත්තද?
අරගලයට ජයවේවා...!
විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්... ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් හොර කණ්ඩායම් බලය ලබාගන්නේ නම් එරට ජනතාව නිවටයින් බවට පත්වේ..!
Stop Mahapola. It is a waist of peoples money. Use these money for upgrading much needed village schools. Let any one who needed to obtain bank loans and pay back when they start earning. That is how other countries work.
රනිල් එක්ක සෙල්ලම් බැහැ ගොටභය වගේ අහිංසක නෑ. 89 කාලේ මතක තියෙන කට්ටිය කියලා දෙන්න ඔය කිරි සප්පයන්ට. ඔය කුඩාරම් ගලවාගෙන ගෙවල් වලට පලයල්ලා හැකි ඉක්මනින්... නැත්නම්ළ කන්න වෙනවා සුපිරි කෑමක්. ළඟදීම සුනාමිය එනවා.
අරගලය නවතිනුයේ අහිංසක අරගල කරුවන්ගේ මලගම මතිනි. අරගල නායකයෝ නැවත උප්පතිය ලබන්නේ අරගලකරුවන්ගේ මරණය මතිනි. එයට හොදම උදාහරණය 88-89දි 60000ක් අහිංසක තරුණ තරුණියන්ගේ මළගම මතින් අනුර කුමාර නම් මහා දර්ෂණවාදියාගේ උපත සිදුවීමයි. මෙය ඉදිරියටද සිදුවේ. ප්‍රවේශම් වන්න. ඔබ, ඔබේ පුතා, තාත්තා, අම්මා අරගලයේ නම් ඔවුන්ට අවබෝධ කරදෙන්න. ඉදිරියට සිදුවන්නේ මෙයයි. විශ්වාස කරන්න. ඔබේ දයාබරයන් සුරක්ෂිත කරගන්න. ඔබේ ආවේගශීලීත්වය ඔවුන් රජ කරවයි.
ඒ නිසා තව ලක්ෂ 20ක්ම නිවෙස් වල කර කියා ගන්න දෙයක් නැතිව ඉන්න ඇති. එයිනුත් අතමිට ඇති අය බහුතරයක්ම එකම sets facebook එකේ" අපිට කන්න බොන්න නෑ, බඩු නෑ තිබුනත් මිල අධිකයි කිව්වා. ඒ බොරු. ඒ අය 3 න් වේලම වෙනදා වගෙම කෑව බීවා. ඔය ලමයි කරන්නෙ, වතුර බෝතලයක් අරන් ඇවිත් , ඒ තියෙන උන්ටම තව තව සැප දෙන එක. ඔය එකෙක් ආවද රැයක් ගත කරන්න. උපවාසය කරාද. උඹලා බඩ ගින්නෙ. මීට පසු ඒ අයගෙ කීම් නොඅසන්න. ඉදිරි දැක්මක් ඇති 100% අවංකම තරුන කැලක් තනිවම සංවිධානය වෙන්න. පාලකයන් සමග එකතුව විනාසයයෙන් තොර හොඳින් සාකච්චා කරන්න. කිසිම පක්ෂ නායකුට පක්ෂ නොවන්න. මෙරටට උනා වගෙ අදහස් වලට සවන් දෙයි. දිනුම එයයි. තමුන්ව ඉත්තන් සේ කලින් කලට පාරට දාන උන්ව අයින් කරන්න. ඒකනේද මේ ඉල්ලන්නෙ ආවේග ශීලිව. ඔක්කොම උන් පන්නල ගේන එකා ගැනත් බෝඩ් එල්ලන් පල යල්ල බං. ඌ හෝ ඒකි කවුද?හොරෙක් මං කොල්ල කාරයෙක් මිනීමරුවෙක් එහෙම නෙවෙ නේද?
අරගලය ඉදිරියට ගෙනයායුත්තේ මහජන මතය පිරික්ෂිමට චන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමෙනි
මේ ප්‍රතිචාර දිහා බැලුවා ම පේනවා නේද අරගලය ඉවරයි කියල .
ඔව් ඔව්. ලේසියෙන් අරින්න එපා. උඹල ඕකම කර කර හිටපල්ලා. එක එකාගෙ දේශපාලන ලනු කාල අවුරුදු 10 ක් කැම්පස් වල චාටර් වෙන මිනිස්සුන්ට වෙන වැඩකුත් නැහැනෙ. කවුරු ආවත් විරුද්ධයි. හෙට අනුර ආවොත් කුමාර් නෙවෙයි කියල විරුද්ධයි.
මුන් ටික ඉන්දියන් සාගරයට ඇදලා දැම්මහම ප්‍රශ්ණය ඉවරයි.