(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඔහු ඉකුත් 18 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.
පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි
මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17) ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය
(මෙහි දැක්වෙන්නේ පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය ගොස් බාර වීමට මොහොතකට පෙර සජීවීව ෆේස්බුක් හරහා සම්බන්ධ වූ වීඩියෝවකි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවම හොරා කාපු රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී, ඒකට විරුද්ද වුණ තරුණයෝ අත්අඩංගුවට ගන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදය යටතේද?
හෙටක් ගැන නොදැන , නොබලා පිම්බෙන්න ගියා. එක්කො අතීතය දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අනාගතයේ විපාක ගැන හිතන්න ඕන.
ඔයා උතුරෙන් බිහිඋන තරුණ අරගල කරුවෙක්
ඔය විදියටම හිරුණිකාත් හැංඟිල ඉන්න තැන සොයාගෙන අත් අඩංගුවට ගන්න...!
මෙයද මෑන්? මාව මතකද මම කිව්වා ඔහෙට කෙළවෙන්න වැඩිදුර නැහැයි කියලා.
බය වෙන්න එපා ! අපි ඔබ සමග. අපි එනවා බේරාගන්න. අරගලයට ජය වේවා !
මේකෙ කමෙන්ට්ස් දාන අයගෙ හැටියට මේ රටට මෙහෙම වෙලා මදි කියලා හිතෙනවා.
මෙයා නම් අරගලේ කරාට වැඩිය ඒක අල කරපු කෙනෙක් කීවන්ම් තමා හරි.
අරගලය කියන්නේ මහ අමුතු වීර කමක් නොවේ. හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවුනු නිසා නැතහොත් විධායක බලය කිසිදු ලෙසකින්වත් භාවිතා නොකරපු නිසා පිස්සන් මෙන් දඟලන්න ලැබුනු නිසා පිම්බුනා මිසක්. මිනිස්සු මැතිරණයකින් යම් තනතුරකට පත් කරන්නේ එම තනතුරට නියමිත බලය භාවිතා කරවීම සඳහායි. මෛත්‍රී ඡන්දෙන් පරදවා ගෝඨාභය ගේනකොට මිනිස්සු අපේක්ෂා කලා කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි මේ රට හරි මගට ගනී කියලා. ඒත් ඔහු එහෙම කරේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා බලතල භාවිතා කරමින් කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි බටහිර ගැති නොවී මේ රට හැදුවොත් ජනතාව ඔහු වටා පවුරක් සේ සිටීවි. ඒ නිසා වත්මන් බඩගෝස්තරය විනා අනාගත දැක්මක් නැති මිනිසුන්ගේ පස්සේ යන්න එපා. මොවුන්ව හෙයෙවන බලල් අත් මොනවාදැයි යන්න අනාගතයේදී හෙලි වේවි. ඉවසීමෙන් බලා සිටින්න. එතෙක් ආර්ථික අර්බුදය අවම කර ගැනීමට කුමන හෝ ආකාරයකින් පලදායී ක්‍රියාවක නිරත වන්න. මේ ආර්ථික අර්බුදය අපට පමණක් නොව වෙනත් රටවලටද බලපා ඇත
කවදාවත් ලංකාවෙ සමාජය හදන්න යන්න එපා. ඔයාලට සල්ලි තියනවනම් ඒ සල්ලි වලින් හොඳට ජීවත් වෙන්න. නැති එකා ගැන හිතන්න එපා. ඒක උගෙ උරුමෙ. ඒක උගෙ කරුමෙ. ඔයාලා හොඳින් ඉන්න පුළුවන්නම් මෙහෙන් යන්න හොඳ රටකට. මේකෙන් නිදහස් වුණාමත් මෙහෙන් යන්න. මම මේක කියන්නේ හැමෝටම. මට පුළුවන් නම් මම මේ රටින් යන්නේ බල්ටි දෙකක් ගහලා.
මහා බැංකු හොරා නිදැල්ලේ.
මේ අරගලය මුවාවෙන් ඉටු කරන්නේ කොටි ඩයස් පෝරාව, N.G.O, ජෙප්පෝ, සෝබිත ඇතුළු නඩේගේ උවමනාවල් බව අපි මුල සිටම දැන සිටියා. බොරුවට ණයට කහින අයට හුලන් තමයි.
හිටපු ජනාදිපතිවරයා දැනගෙන හිටියා තමන්ට පැනලා යන්න උනොත් රටක් ඕනේ කියලා. ඒක නිසා එයාට සිංගප්පූරුවවත් තිබුනා. දැන් ඉන්න කෙනාට පැනලා යන්න තැනැක් අලුතින් හදන්න වෙනවා.
දැං දැන් අරගලකරුවන් අන්තර්දාන වෙනව. පැදුරටත් නොකියා . මෙයාට වෙස් මාරුකරගෙන රටින් පනින්නට බැරි වුනා .
අත්අඩංගුවට ගැනීමෙන් අරගලය නැවැත්විය හැකිද? ජනතාවම තවම හරියට නැගිට්ටෙ නැහැ, ඉවසීම පනින දවස ලඟයි.
හොද වැඩේ. අනේ සාදු..
බලාගෙන ගියාම වැඩි හරියක් පිටරට ඉදන් ආපු එවුනුයි අමුතු නම් තියෙන එවුනුයි නේ. අපේ ගොන් හරක් ටික උන් පස්සෙන් දුවලා වෙගෙයි පේන්නේ දැන් නම්.
අපිව අතකොළු කරලා අරගලය මෙහෙයවපු හැටි දෙමළ ඩයස්පොරා එකේ ලංකාවේ ප්‍රධානියා යුටියුබ් එකේ කියලා තියෙනවා. අරගලය ඔවුන්ගේ 3වැනි අදියර තමයි ගොඨාව එලවන්න කරපු. ඌන් එක්ක වැඩ කරන්න කියලා ඇමරිකාවට ගෙන්නලා කිවාලු. ගෝඨා එක මගඇරපු නිසාලු මෙහෙම කළේ. ඇමෙරිකාවට වීසා රිජෙක්ට් කළෙත් උන්ලු. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගෝඨාව අත්අඩංගුවට ගන්න කියලා කියලා තියෙන්නෙත් ඌන්ලු. ඌන් තමාලු අරගලයට වියදම් කළේ. ඒ උන් කියන දේ ගොඨා ඇහුවෙ නැති නිසාලු. මේකට අපේ කොල්ලො කෙල්ලො පාවිච්චි කළා විතරයි අපේ ඌන් දැන් විඳවනවා ඌන්ට ඕනි දේ ඌන් කරගත්තා. මේක තේරුම් ගන්න පොඩ්ඩක් මොළේ ඇතිව සේරම දිහා බලන්න ඕනි.
බිරිඳ එංගලන්තයේ දාලා ලංකාව බේරගන්න ආවාලු. මොන විහිළු කතාද මේවා... රට පාවා දීලා පී.ආර්. අරන් දැන් තව විනාශ කරන්නත් ඇවිත්...