IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අරගල ක්‍රියාකරු දනීෂ්ට දින 14ක සිරදඬුවමක්

(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.

බන්ධනාගාර නීති නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (4) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සැකකරු එම චෝදනාව අතිරේක දිසාවිණිසුරුවරයා හමුවේ වරද පිලිගැනීමෙන් පසුව ඔහු වරදකකරු බවට පත් වී දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ප්‍රකාශ කර සිටියේය.

මොහුට ජංගම දුරකථන ලැබුණු ආකාරය පිලිබදවත් පරික්ෂණයක් සිදුකරයි.

 



අදහස් (9)

අරගල ක්‍රියාකරු දනීෂ්ට දින 14ක සිරදඬුවමක්

demin Thursday, 04 August 2022 08:20 PM

මදි මදී හොඳටෝම මදි. කෝ අර රුපවාහිනී ගිහින් දාපු සිංහ ටෝක් ඉවරයිද.

:       6       33

BamunuarachchiSaturday, 06 August 2022 07:11 AM

ඒ වීරකම් පෙන්වන වෙලාවට මේ ගොල්ලන්ට අනුරලා, කුරුටුගාමියෝ, සජියලා ආරුඩ වෙනවා. පොලිස්සියෙන් අල්ලගන්නකොට බල්ලෙක්වත් ආරුඩ වෙන්නේ නැහැ. එතකොට නිකම්ම නිකන් මිනිහා. ඔය ටික අපි සරත්ව අල්ල ගන්නකොටත් දැක්ක.

:       0       0

Sirilal Thursday, 04 August 2022 10:18 PM

මොහුගේ ප්ලෑන් එක අරගලයේ මුවාවෙන් රූපවාහිනියේ පෙනීසිටීමෙන් රටක සරණාගතය ලබාගැනීමට පිටුවහලක් කරගැනීමයි. එවැනි සිදුවීම් කීපයක් වාර්තාවී ඇත. අද රටරට වල බොහෝ දෙනෙක් පවතින රජයන්ට විරුධ්දව වැඩකර රටින් පැන වෙනරටවල සරණාගත බවයලබා එමරටේ පුරවැසියකුවීම අපෙක්ශාකරයි. මෙ වැනි අයයි අරගල වලින් ප්‍රයෝජන ගන්නේ.

:       3       43

Toni Friday, 05 August 2022 02:27 AM

දින 14 ප්‍රමාණවත් නැහැ...

:       0       1

alwis Friday, 05 August 2022 02:46 AM

දුමින්ද සිල්වා එහෙම mobile phone පාවිච්චි කලේම නැහැ නේද ?

:       31       10

BamunuarachchiFriday, 05 August 2022 02:36 PM

දුමින්ද සිල්වා එහෙම ජංගම දුරකථන පාවිච්චි කළේම නැහැ නේද? දුමින්ද සිල්වා එහෙම ජංගම දුරකථන පාවිච්චි කළේම නැත්තම් මොකක්ද ප්‍රශ්නය...?

:       1       5

ruwan Friday, 05 August 2022 07:36 AM

මේ අයටද රට හදන්න දෙන්නේ..?

:       0       0

කිරි පුතා Friday, 05 August 2022 10:46 AM

රැව්ල කොන්ඩෙ නොකපන , කරාඹු දාන, සුදු යකට දම්වැල් එල්ල⁣ගන්න , ඇඟපුරා පච්ච කොටන අශීලාචාර , අවිනීත , ධර්මයක් නොදන්න , ඇති එකාට වෛර කරන, විචක්ෂණ බුද්ධියක්ක නැති මිනිසා අපේ රටේ අරගල කරුවෙක් ලෙස හඳුන්වනු ලැබේ.

:       6       40

sharm warn Friday, 05 August 2022 11:44 AM

මීගමුව බන්ධනාගාරයේ රූපවාහිනී, ශීතකරණ සහ තවත් විදුලි උපකරණ තියාගෙන හෝටල්වගේ හිටපු අයව මුළු ජීවිතේම හිරේට දාන්න වෙනවනේ එහෙනම්... මහජන මුදල් මංකොල්ල කාපුවාම, මත්ද්‍රව්‍ය ජාවාරම් කරපුවාම, මිනීමරලා එල්ලුම් ගහට නියම වූවාම, ඒවා පාර්ලිමේන්තු යන්න සුදුසුකම්... ආසියාවේ ආශ්චර්යය..!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site