(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.
බන්ධනාගාර නීති නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (4) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සැකකරු එම චෝදනාව අතිරේක දිසාවිණිසුරුවරයා හමුවේ වරද පිලිගැනීමෙන් පසුව ඔහු වරදකකරු බවට පත් වී දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ප්‍රකාශ කර සිටියේය.
මොහුට ජංගම දුරකථන ලැබුණු ආකාරය පිලිබදවත් පරික්ෂණයක් සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදී හොඳටෝම මදි. කෝ අර රුපවාහිනී ගිහින් දාපු සිංහ ටෝක් ඉවරයිද.
මොහුගේ ප්ලෑන් එක අරගලයේ මුවාවෙන් රූපවාහිනියේ පෙනීසිටීමෙන් රටක සරණාගතය ලබාගැනීමට පිටුවහලක් කරගැනීමයි. එවැනි සිදුවීම් කීපයක් වාර්තාවී ඇත. අද රටරට වල බොහෝ දෙනෙක් පවතින රජයන්ට විරුධ්දව වැඩකර රටින් පැන වෙනරටවල සරණාගත බවයලබා එමරටේ පුරවැසියකුවීම අපෙක්ශාකරයි. මෙ වැනි අයයි අරගල වලින් ප්‍රයෝජන ගන්නේ.
දින 14 ප්‍රමාණවත් නැහැ...
දුමින්ද සිල්වා එහෙම mobile phone පාවිච්චි කලේම නැහැ නේද ?
මේ අයටද රට හදන්න දෙන්නේ..?
රැව්ල කොන්ඩෙ නොකපන , කරාඹු දාන, සුදු යකට දම්වැල් එල්ලගන්න , ඇඟපුරා පච්ච කොටන අශීලාචාර , අවිනීත , ධර්මයක් නොදන්න , ඇති එකාට වෛර කරන, විචක්ෂණ බුද්ධියක්ක නැති මිනිසා අපේ රටේ අරගල කරුවෙක් ලෙස හඳුන්වනු ලැබේ.
මීගමුව බන්ධනාගාරයේ රූපවාහිනී, ශීතකරණ සහ තවත් විදුලි උපකරණ තියාගෙන හෝටල්වගේ හිටපු අයව මුළු ජීවිතේම හිරේට දාන්න වෙනවනේ එහෙනම්... මහජන මුදල් මංකොල්ල කාපුවාම, මත්ද්‍රව්‍ය ජාවාරම් කරපුවාම, මිනීමරලා එල්ලුම් ගහට නියම වූවාම, ඒවා පාර්ලිමේන්තු යන්න සුදුසුකම්... ආසියාවේ ආශ්චර්යය..!