
ඩී.ඒ. පතිරණ
“මට මෙයා අරක්කු බෝතලයක් ගෙනල්ලා බොන්න දීලා මිනිහ මරන්න කියලා කිව්වා. ඒ නිසා මම එයාව මැරුවා.” යැයි වසර තිස්තුනකට පෙර සිය අනියම් බිරිය සමග එක්ව ඇගේ නීත්‍යනුකූල සැමියා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ දෙදරු පියා මොරවක මහේස්ත්‍රාත් දුමින්ද බස්නායක මහතා ඉදිරියේ විත්ති කූඩුවේ සිට අද (17) ප්‍රකාශ කළේය.
සැකකරු මෙසේ ප්‍රකාශ කළේ මෙම අපරාධය සම්බන්ධයෙන් තමන්ට කිව යුතුව ඇත්තේ කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී ය.
ඌරුබොක්ක දොළමුල්ල අන්නාසිගලවත්තේ පදිංචිව සිටි තිදරු පියකු වූ කපුගේ ජිනදාස නමැත්තකු වයස අවුරුදු 51 දී, මීට වසර තිස්තුනකට පෙර ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම ඝාතන සිද්ධියට අදාළව මොරවක පොලිසිය අත්අඩංගුවට ගත් 69 හැවිරිදි දෙදරු පියා සහ 83 හැවිරිදි කාන්තාවක ඊයේ (17) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තමන්ට කිව යුතුව ඇති යමක් ඇද්දැයි මහේස්ත්‍රාත්වරයා සැකකාරියගෙන් විමසා සිටි අතර, “මම කළ අපරාධය මැරෙන්න සිටින මොහොතේදී මට පඩිසන් දුන්නා” යැයි විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී “මේ අපරාධය කරන්න වුණේ මෙයා නිසයි. එයා මට බොන්න දීලා මිනිහව මරන්න කිව්වා. ඊට පස්සේ වළලන්න ඕන තැනත් එයාම තමයි පෙන්නුවේ.” යැයි ද ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළව මොරවක පොලිසිය බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්, ඝාතනයට ලක්වූ ජිනදාස යන අයගේ වැඩිමල් පුත්‍රයා ඉකුත් මැයි මස 11 වැනිදා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කළ බවත්ය.
ඒ අනුව, අධිකරණයට කරුණු වාර්තා කර මරණකරු වැළලූ ස්ථානය පරීක්ෂාව සඳහා මහේස්ත්‍රාත්වරයා සමග ඉකුත් 15 වැනිදා ගිය බවත්, එහිදී අදාළ වැසිකිළි වළ හාරා අඩි නවයකට පමණ යට තිබූ සිරුරු කොටස් ගොඩගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
පුද්ගලයකුගේ පාදයේ බවට ඇඟවෙන අස්ථි කොටස් කිහිපයක්, දත්, සිරුර ඔතා තිබූ බවට සැක කෙරෙන රෙදි කැබලි, සරොම් දෙකක්, තිර දෙකක ජනෙල් රෙද්දක්, කොට්ට උර තුනක්, පොහොර උර කැබැලි, ටී ෂර්ට් එකක්, ඉණේ බඳින ලද නූලක් එලෙස ගොඩගත් ඒවා බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම කොටස් ගොඩගත් අවස්ථාවේදී ඒවා තම ස්වාමිපුරුෂයාගේ බවට සැකකාරිය විසින් හඳුනාගනු ලැබූ බවත් එහිදී තමන් සැමියා මරා වළ දැමූ ආකාරය හඬමින් ප්‍රකාශ කළ බවත් පොලිසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු වාර්තා කර තිබිණි.
භීෂණ සමයේදී එනම් 1989 වසරේදී කිතුල් මල් මදින්නකු වශයෙන් සිටි මෙම සැකකරු දෙවන සැකකාරියගේ නීත්‍යනුකූල සැමියාව කිතුල් පොල්ලකින් පහර දී ඝාතනය කර වැසිකිළි වළක වළ දමා ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙහි සැකකාරිය අංශභාග රෝගයෙන් පෙළෙන බැවින් ඇය අධිකරණයට ඉදිරිපත්ව සිටියේ රෝද පුටුවක ආධාරයෙනි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එස්. සෝමදාස නමැති 69 හැවිරිදි දෙදරු පියකු සහ ඔහුගේ අනියම් බිරිය බව කියූ 83 වැනි වියේ පසුවන ඩබ්ලිව්.ජී. රොසලින් නමැති තිදරු මවකි.
මාතර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ, පොලිස් සැරයන් (78230) ධනුෂ්ක, කාන්තා පොලිස් සැරයන් (520) ගීතිකා ඇතුළු නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාමයෙන් මත්වෙලා ඇඟට හය්ය තියෙන කාලේ කරන පව් වැඩ තමන්ට බැරිවෙනකොට පුදුම විදියට වද දෙනවා. හිතේ සැනසීමෙන් මැරෙන්නවත් බැහැනේ දැන්. ඕක මතක් වෙයි.
ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයත්ථ තප්පති, පාපං මේ කතන්ති තප්පති - භීයෝ තප්පති දුග්ගතින් ගතෝ. පව් කරන්නා මෙලොවදීත් තැවේ පරලොවදීත් තැවේ දෙලොවදීම තැවේ. හෙතෙම ' ම විසින් පව් කරන ලදැ'යි සිතා ( මෙලොවදී )තැවේ. පරලොවදී දුගතියට පැමිණියේ (දුක් විඳිමින් )තැවේ. ධම්ම පදය - යමක වග්ගය. මේ දහම මොනතරම් සත්‍ය ද.
ඇයව මෛත්‍රී පදනමින් නිදහස් කළොත් හොඳයි, මෙය ස්වයං පාපොච්චාරණයක්.කිසිවකු නොදනිමින් නිහඬව සිටියා නම්, සිද්ධියෙන් පසු ඇය මානසිකව සෑහෙන්න දුක් විඳින්නට ඇත.
ප්න්චානතර්‍ය පාප කර්මයට පමනක් දෙවෙනි වන පාපකර්මයක් සිදුකල බව කියන මෙම චූදිතාවට මරනයේ අභිමුවදී පාපය පටිසන් දුන්නා. එසේ නොවුනානම් මතු ආත්මයකදී හෝ එය පටිසන් දීමට නියමිතයි. ඇයගේ වයස අසනීපය අනුව සමහර විට මරන දඩුවමෙන් බේරුනත් නියමිත දඩුවම අනිවාර්යයෙන්ම ඊලග ආත්මයකදී හෝ ගෙවන්න වෙනවා වෙනවාමයි.
හෘද සාක්ෂිය ප්‍රබලයි. ප්‍රසිද්ධ නොවුනත් මරණ මංචකයේදී හරි රාජපක්ෂ පවුලටම මේ ඉරණම අත් වෙනවා. මෙච්චර අපරාධ කොල්ලකෑම් මම කලා කියල ඔය හැම සාමාජිකයාම වමාරල මැරිල යන්නේ......
ග්සල්ලි දුන්නොත් ඔය විත්තිකාරියට කාගේ හරි සේවා දායකයෙකු වීමේ ගෞරවය හරි ලැබෙයි නේ
මේ අය එදා කල ඒ අපරාධය ගැන හොදටම පසු තැවෙනවා ඇති. එදා ආශාවන්ට වහල් වුනාට අද තත්වය වෙනස්. වෙන දඩුවමක් ඕන නෑ, හිතට දැනෙන මේ වරදකාරී හැගීමම ඇති විදවන්න.
රාජපක්ෂ පවුලට දොස් කියන්නේ.ලාල්ලාගේ ගෑනිවත් අරගෙන ගියාද .ජෙප්පොන්ට වෙන්නත් වයසට ගියාම කල පවු මතක් කර කර විඳවන්න තමයි
ලල්ලා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති අපත කාලකන්නි ජෙප්පෝ දැනගන්න ඕන මිනිස්සු ගල් ගහන්නේ පල ඇති රුකවල් වලට විනා කනාටු ගස් වලට නොවන බව