IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයිෆල් කුලුනට බෝම්බ තර්ජන

බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි.

අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි.

බෝම්බ තර්ජනයත් සමඟ අයිෆල් කුලුන වහා හිස් කිරීමට කටයුතු කෙරුණු අතර ඉහළ මහල තුනක් වසා දැමුණි.

ඉන්පසු පැරිස් පොලිස් නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් වහා පැමිණ කුලුන පරීක්ෂා කළ බව ද පැවැසෙයි. අයිෆල් කුලුනේ ඉහළ මහලක අවන්හලක් ද ඇත.

කෙසේ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ කුලුනේ තිබී සොයා ගැණුනේ නැත.

අයිෆල් කුලුන ඉදිකිරිම ඇරැඹුණේ 1887 ජනවාරියේය. ඉදිකිරීම් අවසන් වූයේ 1889 මාර්තු 11 වැනිදාය.



අදහස් (0)

අයිෆල් කුලුනට බෝම්බ තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site