
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතය .
ඔවුන් පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව 05 දින උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ , හබරණ , මහනුවර , සීගිරිය දඹුල්ල , බෙන්තොට , ඇල්ල සහ යාළ යන ප්‍රදේශ වල සංචාරයෙහි නියැළීමට සැළසුම් කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොඳට පරීක්ෂාකරලා ගන්න ඕන
රටේ ගෞරව ආරක්ෂා වෙන පරිදි පුරවැසියන් කටයුතු කර වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අපගේ ඩොලර් හිගයට විසඳුමක් , එම ඩොලර් රටට ඒම ඇවිරෙන පරිදි විදේශිකයන් පවත්වාගෙන එනු ලබන සංචාරක ව්‍යාපාර සීමා කිරීමට රජය කටයුතු කළ යුතුයි. ඒවාට බදු පැනවීම නියාමනය කළ යුතුය.
සංචාරකයන් ලංකාවට එනකොට පරීක්ෂාවකින් තොරව ඇතුල්කරගන්න ඕන කියන එක බහුතරයකගේ කැමැත්ත වේ.
මේ ප්‍රථම වතාවට ආවා කියන් එනකන් බොරු, මේ කම්පැණි එකෙන් වෙන්න පුළුවන්... මමත් අයිස්ලන්ඩ්වල ජීවත් වෙන්නේ... ඕන තරම් මම දන්න අයත්... අයිස්ලන්තේ අය ඇවිත් තියෙනවා. කොහොම වුණත් හොඳයි...