(දසුන් රාජපක්ෂ)
අයිස් (ක්‍රිස්ටල් මෙත්) සහ හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද අළුයම ගොතටුව, මාණික්කමුල්ලේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 300ක් සහ හෙරෝයින් ග්‍රෑම් 05ක් භාරයට ගෙන ඇත.
එමෙන්ම ඔවුන් ළග තිබූ රුපියල් ලක්ෂ 3ක් ඇතුළු විදේශ මුදල් තොගයක්ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශණ කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා ගොතටුව පොලිසියට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd