(නිමල කොඩිතුවක්කු)
මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ "හිස්" කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පැවසීය.
රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 45 වන සක්වල වැඩසටහනට සමගාමීව රුපියල් පනස් ලක්ෂයක් වටිනා බස් රථයක් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව කීවේය.
පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් දෙමාපියන්ට කන්න දෙන්න විදිහක් නැති අවස්ථාවක ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ පාසල් බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට නිසි පෝෂණයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම බවත් විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලිනොච්චියෙ පාසලට තිබුන දැවෙන ප්‍රශ්නයක්ද මෙ? මිලියන පහක් වටින බස් එකක් නඩත්තු කරන්න එ පාසලට දරන්න පුලුවන් ද? බොරු සෝබන දානපතිකමක් කරල හිස් කෑම පෙට්ටි ගැන කතා කරන්න එන්නෙ නැතුව හිස් කෑම පෙට්ටි පුරවන වැඩක් කරන්න තිබුනෙ නැද්ද? පොහොට්ටුවෙ බහුබුතයො යන පාරෙම ඔහොම යන්න..
එ නිසාද මිනිස්සු රජයට විරුද්දව පාරට බැස්සහම පොලිසිය ඒ අයට අඩම් තේට්ටම් කරන්නෙ ?
හා ලමයි... 'අයිස්ලන්තය' තියෙන්නේ කොහෙද කියන්නකො බලන්න....! ! ඒ සීතල රට තියෙන්නේ යුරෝපයේ ටීචර්.....!! එහෙමනම් ඇයි මෙහෙ ලමයිගෙ අයිස් හොයන්නේ..?? 'අයිස්ලන්ත' රටේ පරිසරෙන් එන අයිස් ලමයිගෙ ඇඟ සීතල කරවනවා... අපේ රටේ හොරෙන් එන අයිස් මාධ්‍යවල පෙන්වලා ලමයිගෙ මොළ ඔල්මාද කරවනවා..! ඒකයි ටීචර්.... ඒකත් හරියට අර "උස-මිටි" කතාව වගේ.. ටීචර්...!
මෙහෙම බස් , බෙහෙත්, පිනට බෙදල රට හදනව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන, අනේ මෙහෙම නායකයො.
මෙතුමාට මෙච්චර වියදම් කරන්න සල්ලි ලැබුනේ කොහෙන්ද යන්න සොයා බැලිය යුතුය.
ඔයවගේ ගොන් කතා කියන කෙනා තමයි මේ ජනාධිපති වෙන්න බලන් ඉන්නේ , හිටපු කෙනාටත් අන්තයි . බස් එකක් නොවේ , දරුවන්ගේ බඩ පුරවන දෙයක් කරන්නකෝ ඔය දානපතියන්ගෙන් බස් ගන්න සල්ලි ඉල්ලන වෙලාවේ .