IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අයිස්’ සමඟ තිදෙනෙක් කොටුවෙයි


(ගයාන් සූරියආරච්චි)

දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන සැකකරුවෝ තිදෙනෙක් ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බොරැල්ල පොලිස් වසමේ ගොරකගහ පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල, රාජගිරිය සහ කොළඹ 8  ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 27 සහ 34 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11 සහ මිලිග්‍රෑම් 60 ක්, ඩිජිටල් තරාදි 2 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 201,500.00 ක මුදලක් සොයාගෙන තිබේ.

ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පළමු සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රාජගිරිය සහ කොළඹ 8  ප්‍රදේශවල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා බොරැල්ල පොලිසිය බාරදී ඇත.



අදහස් (0)

‘අයිස්’ සමඟ තිදෙනෙක් කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site