IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින්  පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) අවසර ලබා දී ඇත.

දෙවුන්දර හා ගන්දර පදිංචි එම්.එච්.මල්ෂාන්,ගයාෂාන් ලක්මාල්,සනෝච් ක්‍රිෂාන්,එම්.එන්.හසින්ත,සංජය කුමාර,මොනරාගල සුදේශ් නිශ්ශංක,මලිත් මිලින්ද,කේ.එච්.උමේෂ් ,එම්. තිලංක,පී .එම් .රොෂාන්,එච් කාල්ටන් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 355 ග්‍රෑම් 828 රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

මෙම සැකකරුවන් පසුගිය නොවැම්බර් මස 25 හා 26 වන දිනවල දී නාවික හමුදාව ඉන්දීය නාවික හමුදාව සමග කළ  මෙහෙයුමක් අනුව අත්අඩංගුවට ගෙන පසුගිය 02 දින කොළඹ වරායට රැගෙනවිත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ටට භාරදීමෙන් පසුව 03පෙරේදා දින අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය ලබන 09 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා  නියෝග කර ඇත. 



අදහස් (1)

අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

රුවන් Thursday, 05 December 2024 09:07 AM

ඉන්දියාවේ - ලංකාවේ හමුදාව එකතුවෙලා ඔය අල්ලන ජාවාරම්කරුවන් ඔක්කොම මුහුදට තල්ලු කරලා එන්න තිබ්බේ, ඔය මිනිස්සු ඇප ලැබිච්ච ගමන් ආයෙත් පුරුදු මත්ද්‍රව්‍ය වෙළදාම කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site