
(අංජුල මහික වීරරත්න)
අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වන වගන්තියෙහි විධිවිධාන අනුව, එක් එක් මුදල් වර්ෂය සඳහා අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනතාව වෙත නිකුත් කරනු ලැබිය යුතු අතර, එම වාර්තාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතු වේ.
එසේම, එකී වාර්තාව පාර්ලිමේන්තුව වෙත ද ඉදිරිපත් කළ යුතු වේ. අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රමෝපායන් හා අභියෝග, 2025 වසරේ ආර්ථික ප්‍රවණතා, ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන සාර්ව ආර්ථික හා සමාජ - ආර්ථීක දර්ශකයන් සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පිළිබඳව විග්‍රහයක් එකී වාර්තාවේ අන්තර්ගත වේ. එමෙන්ම, රජයේ ආදායම හා වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය, අයවැය හිඟය මුල්‍යනය කිරීම සහ ණය ව්‍යුහය ඇතුළත් සවිස්තරාත්මක විග්‍රහයක්ද එහි ඇතුළත් කරනු ලැබ ඇත.
ඒ අනුව, අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd