(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජාත්‍යන්තර අරමුදල සමග අවබෝධතා ගිවිසුම ඉදිරි මාසයේදී අත්සන් කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව පැවසූ මන්ත්‍රීවරයා සංවර්ධන වැඩපිළිවෙළ නැවතත් ආරම්භ කරමින් රට ඉදිරියට ගෙන යෑමට ඒ අනුව හැකිවනු ඇතැයිද සඳහන් කළේය.

රට ගිය වසරේ තිබූ තත්වයට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක  බවත් අද විදුලිය කැපිල්ලක් නැති බවත් අලුත්ගමගේ මහතා කීවේය.

අද රටේ ගෑස් තෙල් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා රුපියල් 600ට තිබු පරිප්පු රුපියල්  250ට තිබූ හාල් අද අඩුවී තිබෙන බවත් ඔහු  කීවේය