
(යොහාන් භාසුර)
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පසුගිය වසරේ ගෙවීමට සිදුවූ බදු මුදලට වඩා රුපියල් 8,200ක ඉහළ යාමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (24) පැවසීය.
2025 අයවැය ලේඛනයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.
අයවැයෙන් භාණ්ඩ හා සේවා මත බද්ද සියයට 25.94 කින් වැඩි වී ඇති බවත් 2024 භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල් බිලියන 2201 ක් බවට පත්වූ බවත් ඒ මහතා පැවසීය.
මෙම වසරේ එම බද්ද රුපියල් බිලියන 2772ක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත් එම මුදල මෙරට ජීවත් වන පවුල් ලක්ෂ 58න් බෙදුවිට එක පවුලක් වසරකදී ගෙවන බදු මුදල රුපියල් 39,817ක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ එක පවුලක් රජයට රුපියල් 31,623ක බදු මුදලක් ගෙවූ බව කී ජයගොඩ මහතා ඒ අනුව මෙවර අයවැය නිසා එක පවුලක් ගෙවිය යුතු සාමාන්‍ය බදු මුදල පසුගිය වසරට වඩා රුපියල් 8200 කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
මෙම අයවැය සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාව ගැන අවධානයක් යොමු නොකර මහාපරිමාණ සමාගම්වලට වාසිදායක ලෙස ප්‍රතිපත්ති සකස් කර ඇති බවත් බදු ආදයම් සම්බන්ධ ප්‍රතිපත්ති දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන බවත් ජයගොඩ මහතා කීය.
මහා පරිමාණ සමාගම්වලින් රජය අය කරන සියයට 30 ක බද්දක් කිසිදු විදිහකින් වැඩි කර නොමැති වුවද තනි පුද්ගල ව්‍යාපාරවලින් අය කරන සියයට 10ක බද්ද සියයට 15 ක් දක්වා වැඩිකර ඇති බව කී පුබුදු ජයගොඩ මහතා කුඩා හවුල් ව්‍යාපාරවලින් අය කළ සියයට 10 ක බද්ද සියයට 15ක් ලෙස ඉහළ දමා ඇති බවද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2465
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැයෙන් බදු වැඩි වෙනවාලු
ජයනාත් Monday, 24 February 2025 07:11 PM
මෙයාලාගේ ප්‍රතිපත්ති අනුව පාලනය කරන රටක් මුලු ලෝකේම නැහැ.. මෙයාලාගේ ප්‍රතිපත්ති පිළිගන්න 1%ක්වත් ලංකාවේත් නැහැ.
Rata Perata Tuesday, 25 February 2025 12:44 PM
මයික් එකක් දැක්කා ගමන් ඔහේ පිස්සෝ වගේ කියනවා.පෙර රාජ්‍ය වලින් විනාශ කළ හොරකම් කළ ජනතාවගේ බදු සල්ලි නිසාම නොවෙයිද මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ කියලා හිතන්නවත් බුද්ධියක් නැද්ද?හැකි නම් උදව් කරන්න , ආර්ථිකය බිඳහෙලූ අයගෙන් ඒවා ආපසු ගන්න. නිකම් බයිලා කිය කියා යන්නේ නැතුව