(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා සියල්ලටම අවශ්‍ය මුදල් අයවැය ලේඛනයෙන් අනුමත කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වගා නොකරන ලද කුඹුරු අක්කර 47,000ක් තිබෙන අතර ඉන් අක්කර 14,000ක් මාස 06ක් ඇතුලත රජයට පවරා ගන්නා බව කී අමාත්‍යවරයා වසර පහක් තිස්සේ වගා නොකළ කුඹුරු ඉඩම් පුරන් කුඹුරු ලෙස සලකන බවද කීය.
ඒ සඳහා හැකි ඉක්මනින් ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මන්ත්‍රී වැටුප සහ හිතවතුන්ගෙන් ලැබෙන ආධාර යොදා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝයි අපිට දැන් හොඳටම දැනිල තියෙන්නෙ ඒ් ගැන.